නොගැලපෙන ඇසුරකට පුලුවන් ඔබේ ජීවිතය විනාශ කරන්න ගැලපෙන ඇසුර තෝරා ගැනීම ඔබ සාර්තකත්වය වෙනුවෙන් ගත් ප්‍රථම නිවැරදි මාර්ගයයි

සාර්තකත්වය ලියවී තිබෙන්නෙ ඔබේ උත්සාහය සහ කැපවීම මත පමණයි වැරදි පුද්ගල ඇසුරට පුලුවන් ඔබේ ජීවිතය විනාශය කරා ගෙනියන්න

සාර්ථක  වීමට සිහින තිබීම පමණක් ප්‍රමාණවත් නැහැ.ඒ සඳහා උද්‍යෝගිමත් ව ක්‍රියාකාරීව කටයුතු කිරීමට  අවශ්‍ය වෙනවා.බොහෝ මිනිසුන්ට සිහින තිබුනත් ඔවුන්ගේ උදාසීන බව සහ නොගැලපෙන මිනිසුන්ගේ ඇසුර   සිහින යථාර්ථයක්  කර ගැනීමට බාධාවක් වෙනවා.සිහින යථාර්ථයක් කර ගැනීමට ඔබව ධෛර්යමත් කරන ,උනන්දු කරවන,උපදෙස් දෙන,අභිප්‍රේරණය කරන,ඔබව අගය කරන,ඔබගේ ජයග්‍රහණය ට හදවතින්ම සතුටු වන  මිනිසුන් අපට හමු වන්නේ ඉතාමත්ම අඩුවෙන්.එවැනි මිනිසුන් මුණ ගැසීම ඔබට විශාල භාග්‍යයක්.ඔබගේ ජීවිතය සාර්ථක කිරීම සඳහා ඔබට හමුවන එවැනි මිනිසුන් සාර්ථකත්වයේ සහකරුවන් වෙයි.ඔබගේ සිහින වලට යන්නට බාධා කරන මිනිසුන් ගෙන් ඔබ ඈත්වී හෝ සීමාවී ඔබගේ සිහින වලට පණ දෙන සාර්ථකත්වයේ සහකරුවන් ඇසුරු කරන්නට පටන් ගන්න.ඔබගේ ජීවිතය නිසැකවම සාර්ථක වනු ඇත.ඔබට සුභ සතියක් වේවා 


Misha Dananjani

28 ব্লগ পোস্ট

মন্তব্য