මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ වැඩිම වාර ගණනක් සර්වඥ ධාතූන් වහන්සේලා වැඩම කල නැදුම්ගමුවේ රාජා

දළදා කරඬුව වැඩම්මවීමේ අපේක්ෂාවෙන් එදා ගම්පහ සිට මහනුවරට 90Km ක් පමණ පයින් ඇවිද ගිය ලෝකයේම සදා ජීවමාන ඒ දැවැන්ත හස්ති රාජයා

හනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ වැඩිම වාර ගණනක් සර්වඥ ධාතූන් වහන්සේලා වැඩම කල නැදුම්ගමුවේ රාජා අද ජීවමාන කළා 

1953 ඉන්දියාවේ මයිසූර් ප්‍රදේශයේ උපත ලැබූ නැදුන්ගමුවේ රාජා  ඉන්දියාවේ මයිසූර් මහ රාජා විසින්  ලංකාවේ භික්ෂුවකට කළ කෘතඥතාවයක් ලෙස මෙම පැටවා තෑගි කල බව සදහන් වෙනවා .  පසුව  1978 දී ප්‍රසිද්ධ ආයුර්වේද වෛද්‍යවරයෙකු වූ ධර්මවිජය වෙදරාළහාමි මහතා විසින් මේ හස්තියා මිලදී ගත් අතර එතැන් සිට ඔහු නැදුන්ගමුව ගම්මානයේ වාසය කළේය .. උස අඩි 10.5ක් පමණ වූ මෙම විශාල හස්තිය ශ්‍රී ලංකාවේ පාලිත හස්තීන් අතරින් උසම හස්තියන්ගෙන් එක් අයෙකු ලෙස සැලකුණා.

2005 සිට 2021 දක්වා කාලය තුළ කැන්ඩි ඇසල පෙරහැරේ ශ්‍රී දළදා කරඬුව වැඩැම්ම වූ  ප්‍රධාන හස්ති රාජයා ලෙස නැදුන්ගමුවේ රාජා ඉතා විශාල ගෞරවයක් ලෝකයෙන්ම  ලබාගත්තේය .ඇසළ පෙරහරට දළදා කරඬුව වැඩමවීම සඳහා මේ දළ ඇත් රාජයා  ගම්පහ සිට මහනුවරට සම්පූර්ණ කිලෝමීටර් 90 ක් පමණ දුරක් පයින් කලු මාමා සමග දිනකට කිලෝමීටර් 25 - 30 අතර ගමන කලා.  

ගමන් කිරීමේදී මිනිසුන්ගෙන් ඔහුට ලැබුණේ ඉතා විශාල ගෞරවයක් 

නැදුම්ගමුවේ ඇත් රාජාගේ ආරක්‍ෂාව සඳහා හමුදාවෙන් භටයන් ලබා දී තිබීම ඔහුගේ වටිනාකමට හිමි වූ විශේශ ගෞරවයක් . 

නැදුන්ගමුවේ රාජාගේ ජීවිතයේ අතිශය වැදගත් චරිතයක් වන්නේ ඔහුගේ හස්තිපාලක " කලු මාමා "  ලෙස ජනතාව අතර ප්‍රසිද්ධ වූ විල්සන් කොඩිතුවක්කු මහතායි..  ඔහු වසර පහලවකට වැඩි කාලයක් රාජා සමඟ ජීවත් වෙමින් ඔහුව පිය සෙනෙහසින් ඉතාමත්ම ආදරයෙන් රැකබලා ගත්තා . 

2022 මාර්තු 07 උදෑසන මිය යන විට රාජාට වයස අවුරුදු 68 ත් 69  අතර වූ බව සඳහන් වෙනවා.  

රාජා නොමැති දළදා පෙරහැර බලන සෑම සිතකම අදටත් විශාල සෙවනැල්ලක් මෙන් ඔහු ජීවමානව පවතිනවා. එය බුද්ධ සාසණය වෙනුවෙන්  කල සම කල නොහැකි කැපකිරීමක්


🐘 හමුදා ආරක්ෂාව සමඟ ගමන් කරන රාජා

Misha Dananjani

27 مدونة المشاركات

التعليقات