අද ලෝකයේ රටවල් ගණනාවක ඇති භයානකම යුධ ගැටුම්

ලෝකය අද සාමය ඇති ස්ථානයක් නොවේ

ලෝකය අද සාමය ඇති ස්ථානයක් නොවේ. දේශපාලනය භූමිය ආර්ථික හේතු මත රටවල් ඇතුලතත් රටවල් අතරත් සන්නද්ධ ගැටුම් පවතිනවා. මේ හේතුවෙන් ලක්ෂ ගණනක් මිනිසුන් තම ජීවිත අහිමි කරගෙන ඇති අතර  තවත් මිලියන  ගනණක් ජනතාව නිවාස අහිමිව පලායාමට සිදුවී ඇත . අද ලෝකයේ වැඩිපුරම කතාබහට ලක්වෙන ප්‍රධාන යුධ සහ ගැටුම් තියෙනවා . මේ මොහොත වන විටත් ඒව පවතිනවා. 

Russia - Ukraine War රුසියා යුක්‍රේන යුද්ධය 

2022 දී රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීමෙන් මෙම යුද්ධය ආරම්භ වුණා. අදටත් දැඩි සටන් පවතින අතර ලෝක ආර්ථිකයටත් විශාල බලපෑමක් මෙ නිසා ඇති වී තිබෙනවා.

Israel - Hamas යුද්ධය 

ඊශ්‍රායලය සහ හමාස්  අතර ඇති මේ ගැටුම  මැද පෙරදිග විශාල  විනාශයක් ඇති කර තිබෙනවා. Gaza Strip  ප්‍රදේශයද දැඩි ලෙස විනාශ වී තිබෙනවා  .


Iran සහ Israel Conflict  

ඉරානය සහ ඊශ්‍රාලය අතර පහුගිය කාලයේ යුද්ධය වැඩි වී තිබෙනවා මේ ගැටුමට United States  ද සම්බන්ධවීම නිසා ලෝකයේ අවධානය මෙයට යොමුවී ඇත .


Sudanese Civil War

සුඩාවන් තුළ හමුදාව සහ RSF නමින් හැඳින්වෙන Paramilitary බලකාය අතර දැඩි සටන් පවතිනවා මේ නිසා ලක්ෂ ගාණක් ජනතාව රටින් පලා ගොස් තිබෙනවා.


Myanmar Civil War

මියන්මාරයෙහි හමුදා පාලනයට එරෙහිව විවිධ ජනතා සන්නද්ධ කණ්ඩායම් සටන් කරනවා රට තුළ දිගුකාලීන අභ්‍යන්තර යුද්ධයක් බවට මෙය පත් වී තිබෙනවා


යුද්ධය ලෝකයේ දේශපාලන බලපෑම් පමණක් නොව සාමාන්‍ය ජනතාවගේ ජීවිතය විනාශ කරන දුක්ඛිත සිදුවීම් ලෝකය පුරා මිලියන ගණනක් ජනතාව පීඩා විඳින අතර සාමය සඳහා දූත කාර්යයන් සහ සාකච්ඡා මේ මොහොතේ ඉතා වැදගත් වේ  . 


මේ වන විටත් තුන්වන ලෝක යුද්ධයක් ආරම්භ වීමට  සූදානම් වන බවට විද්වත් අදහස් තිබෙනවා . ඉතා කණගාටුදායක සහ මිනිස් කම නොතකන යුගයක..  සාමය රජ කරන්න ඉපදුන මිනිස්සු විසින්ම අද ලෝකයම දුකට ඇද දමනවා .





Misha Dananjani

27 ブログ 投稿

コメント