🤍🙏🤍🙏🤍🙏🤍🙏🤍🙏🤍🙏🤍🙏🤍
සයිංසු යස්මිං සුගතස්ස ධාතූ
නිම්මාය රංසුජ්ජල බුද්ධරූපං
ස්වර්ණමාලිතී පතීත නාමං
වන්දාමහං ථූපවරං මහග්ඝං _______________________________________
ද්‍රෝණයක් පමණ ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා රශ්මිධාරා විහිදුවන නිර්මිත බුදුරුවක් තුළ යම් දාගැබක සැතපෙන සේක්ද ස්වර්ණමාලී නමින් පහල වූ ඒ මහාර්ඝ වූ මහා ස්ථූප රාජයාණන් වහන්සේට දොහොත් මුදුන් තබා සාදර ගෞරව භක්තියෙන් මම නමස්කාර කරමි.!!! ☸🛐
තුන්ලොව පරම පූජනීය පින්කෙත වූත් දෙව්ලොව දෙවියන් ද බඹ ලොව බ්‍රහ්ම රාජවරුන් ද නා ලොව නාගයන් ද මනු ලොව මිනිසුන් ද නිරන්තරයෙන්ම වන්දනා මාන කරන්නාවූ ඇසි දිසි සකළ විශ්වයේ බලවත්ම බිම් කඩ........🙏🤍
තථාගත සුගත මුණිද්රයාණන් වහන්සේගේ ද්‍රෝණයක් ධාතූන් වහන්සේලා විරාජමානව වැජඹෙන්නා වූ ඒ අසහාය පුණ්‍ය භූමිය .....🙏🤍
තුන් ලොවටම අග්‍ර වූ භාග්‍යවතුන් වහන්සේගේ ද්‍රෝණයක් සර්වඥ ධාතූන් වහහන්සේලා සම්බුද්ධ අධිෂ්ඨානයෙන් අහසට පැන නැගී යමාමහ පෙලහර පාමින් සැතපෙන ඉරියව්වෙන් සැතපුනා වූ විශ්වයේ අසදෘශ්‍ය මහා චෛත්‍යයරාජයානන් වහන්සේ වැඩ හිඳින්නා වූ.....🙏🤍
🌼ස්වර්ණමාලී මහ සෑ රදුන් වහන්සේට දොහොත් මුදුන් තබා සාදර ගෞරව භක්තියෙන් මම නමස්කාර කරමි.!!! ☸🛐.!