රශ්මිකා ගැන ලංකාවේ අය ලියපු තරම් වෙන කොහේවත් අය ලිව්වෙ නැතුව ඇති.. එච්චරටම ලිව්වා.. එච්චරටම පෝස්ට් ශෙයා කරා.. මාත් ලිව්වා.. රශ්මිකා මගේ කැමති ලිස්ට් එකට ආවේ ගීතා ගෝවින්දම් වත් ඩියර් කොමරේඩ් බලලවත් නෙවෙයි.. මට හිතෙන විදියට එයාව කැමතිම ලිස්ට් එකට දාගත්තේ චාවා හරි ඇනිමල් හරි දෙකෙන් එකකට පස්සේ කියලයි මතක.. එයා රඟපාපු හැම ෆිල්ම් එකක්ම බැලුවා.. රශ්මිකා කියන්නේ පළවෙනි සැමියා එයාට දාපු අසාධාරණ වාරණය බිඳගෙන එළියට ආපු තරුවක්.. අර කතාවක් තියෙනවනේ ගෑණු දිලිසෙන්නේ දික්කසාදෙන් පස්සේ කියලා.. රශ්මිකා කියන්නෙත් අන්න එහෙම උනාට පස්සෙ දිලිසෙන්න ගත්ත කෙනෙක්.. කොච්චර දිළිසුනාද කියල කියනවනම් ලෝකෙ වටේ ඉන්න කොල්ලොන්ගේ national crush කියන නමක් දිනාගත්තා.. මගේ පොතේ හැටියට එයාගේ හොඳම රංගනය මම දැක්කේ the girlfriend එකේ.. කොහොම නමුත් මම මේ කියන්න හදන්නේ ඒ රෝස මලගේ ෆිල්ම් ගැන නෙවෙයි..
ආදරේ උතුරන ඇස් ගැන.. රශ්මිකා විජේ දෙන්න ඒගොල්ලන්ගෙ facebook account වල අප්ලෝඩ් කරපු ෆොටෝස් වලින් මම ආසම ෆොටෝ එක මේක.. එයාගේ හිතේ කොච්චර ආදරේ තියනවද කියලා හරියටම පේන ෆොටෝ එක මේක..
හරිම පිරිමියෙක් කියන්නේ ගෑනියෙකුට ආශිර්වාදයක්..
නියම පිරිමියෙක් ජීවිතේට ළං වුණාම ගෑනු බබලන්න පටන් ගන්නවා.. එතනින් තමයි වාසනාවන්තම දවස් පටන් ගන්නේ.. ඔළුව කන්නේ නැති බැඳීමක් ගෑනියෙකුට ගේන අපරිමිත මානසික සැනසිල්ල ඒ ගෑණිව ලස්සන කරනකොට තමයි ජීවිතේ ඉස්සරහටම එයාට යන්න පුළුවන් වෙන්නේ.. මට හිතෙන විදිහට මෙන්න මේ රෝසමලට උනෙත් හරිම ආදරේ අවුරුදු හතකට කලින් හම්බවෙද්දී කෙල්ලගේ සාර්ථකත්වය අති සාර්ථකත්වයක් බවට පත්වෙච්චච එක.. තමන්ගේ ජීවිතයට ආශිර්වාදයක් වෙච්ච පිරිමියා, බිත්ති හතරක් ඇතුලේ නැතුව ලෝකයක් ඉස්සරහ සරණපාවාගෙන අයිති කරගන්න ගෑණියෙකුට ඉඩක් ලැබෙන එකට වඩා ලස්සන සංසිද්ධියක් මේ ලෝකේ වෙන කොහෙද..🥰
එහෙම වෙලාවක සුරංගනාවියන්ගේ ඇස් වලටත් කඳුළු එනවා කියන එකට හොඳම උදාහරණය තමයි මෙන්න මේ ෆොටෝ එක..
ආදරේ කරන හැමෝගෙම ජීවිතවලට එන්නම ඕන මූමන්ට් එකක් මේ කියලා මම විශ්වාස කරනවා..
ඉතින් රෝසමලේ.. ඔයාට සුභ මංගලම්.. කාගෙවත් ඇස්වහක් කටවහක් නොවැදී අවසානය වෙනකම්ම ආදරෙන් විතරක් ඉන්න ලැබේවා..❤️💐😘
උපුටාගැනීමකි
🙏