මහනුවර හදවතේ සැගවුණු අදුරු බෝගම්බර බන්ධනාගාරය - අවසන් දවසට පෙර රාත්‍රිය

ජීවිතේ කියාදෙන මහා ගණ බිත්ති වලින් කොටු වුණ හීතල ආත්ම ඔයාට කියන අදුරු කතාව



1898 වසරේ රාත්‍රියක්.
බෝගම්බර හිර මැදිරියේ යකඩ දොරවල් එකින් එක වැසෙමින් තිබුණා.

හිර මැදිරිය ඇතුළේ දිග කොරිඩෝවේ .. 
දෙපසටම අංක දාපු කුඩා මැදිරි තිබුනා.. 
බිත්ති හතරක් මැද ,ගොඩක් උසින් කුඩා කවුළුවකින් වට වෙච්ච.. 

මේ එක මැදිරියක වාඩිවී සිටියේ සෝමපාල.

ඔහු දන්නවා…
හෙට උදේ ඔහුට ලැබෙන්නේ මරණ දණ්ඩනය කියලා 

බෝගම්බර හිර මැදිරියේදී දෙනු ලැබූ දඩුවම් වර්ග කිහිපයක් තිබුණා.. 

•තනි මැදිරියක තනි කිරීම 
•දම්වැල් දමා වැඩ කරවීම
•බර වැඩ – යකඩ ගල් කැඩීම •වගේ ම  පිරිසිදු කිරීම 
•ඉතා සීමිත ආහාර
•මරණ දණ්ඩනය (එල්ලුම් ගහ) 

ඉහළින් වැටෙන සීතල සුළඟ සමඟ විතරයි ඔව්න්  ජීවත් උනේ.. ගොඩක් සිර කරුවන්ට ඒකත් ලැබුනෙ නෑ..


⚰️ එල්ලුම් ගහ එක්ක තමා මේ සිරමැදිරිය විශේශ වෙන්නේ 

හිර මැදිරියේ ඇතුළේම විශේෂ කාමර හතක් තිබුණා.. අවසන් දින හත ගෙවන්නෙ ඒ කාමර හතේ .. 

මරණයට නියම වෙච්ච  සිරකරුවා 

අවසන් වරට ආගමික වශයෙන් වතාවත් කරනවා සිරමැදිරියේම.. අවසන් දින හත ඉන්න සිර මැදිරියේ බුදු රුවක් ඇදලා තියෙනවා 🙏

පසුව නිහඬව එල්ලුම් ගහට ගෙන යනවා.. 

1876 සිට 1975 අතර කාලයේදී
බෝගම්බර හිර මැදිරියේදී 500කට අධික පිරිසක්
එල්ලුම් ගහට නියම කරලා මරණ දණ්ඩනය ක්‍රියාත්මක කර තියෙනවා.. 

සමහර අය බොරු චෝදනා මත දඩුවම් ලැබූ බවත් ඉතිහාස ලේඛන සඳහන් කරනවා.

 අවසන් රාත්‍රියේ දැනෙන හැගීම... 

සෝමපාල මැදිරියේ බිත්ති දෙස බැලුවා.
බිත්තිවල තවත් සිරකරුවන් ලියා තිබූ වචන තිබුණා 

> “අම්මේ , මට  සමාවෙන්න.”

උදේ 6ට, මහා යකඩ දොර   විවෘත වුණා.
කාවලකාරයෝ ඇවිත් ඔහුව එල්ලුම් ගහ පැත්තට අරන් ගියා..

කොරියඩෝරය නිහඬයි.
අංක දාපු මැදිරි, ගල් බිත්ති, බර දොරවල් –
ඒවා මේ හැම දේම මරණය සංකේතවත් කලා...

බෝගම්බර හිර මැද්‍රිය කියන්නෙ , 

වේදනාත්මක වැරදිකරුවන්ගේ සහ නිවැරදිකරුවන්ගේ සීතල ආත්ම තවමත් සැරි සරන මහා අත්බූත ස්තානයක්..

ශ්‍රී ලංකාවේ මරණ දණ්ඩණය අනුව එක වර වැරදි කරුවන් තිදෙනෙක් මරා දාන්න  පුලුවන් සිර මැදිරියක්.. 


අද එය හිස් ගොඩනැගිල්ලක්.
නමුත් එහි බිත්ති තාමත් ඒ වේදනාව පෙන්න්නවා .. 

> “මෙතැන දඩුවම් ලැබුවේ ශරීරයට පමණක් නෙවෙයි…
මිනිස් ජීවිත වලටයි.”

මේ තමා බෝගම්බර නොදුටු සත්‍ය 🥺

Misha Dananjani

27 블로그 게시물

코멘트