? රිච්මන්ඩ් කාසල් – අතීත වේදනාවෙන් උපන් අද්භූත මන්දිරය

අතීතයේ සැගවුනු රහස් ගවේශනය

බොහෝ කලකට ඉස්සර, 1900 වර්ෂය අසළ කාලෙක, මේ මන්දිරය හදන්නෙ මුදල්වලින්ත් බලයෙන්ත් ප්‍රසිද්ධ මුදලියාර් ඩොන් ආර්ථර් ද සිල්වා කියන මහත්මයෙක්.එයා ඉංග්ලන්තයට ගිහින්, යුරෝපයේ තිබුණු මහා මන්දිර දැකලා, “මගේ රටේත් මේවගේ එකක් තිබුණොත් කොච්චර ලස්සනද?” කියලා හිතලා තමයි මේ මන්දිරය හදන්න පටන්ගත්තේ...

ගලින් ගල , කණුවක් ගානේ ... 
ඉතාලියෙන් ටයිල්, බර්මා වලින් තේක්ක ලී, ඉංග්ලන්තයෙන් වහල ටයිල් ගෙනාවා.
එක මන්දිරයක් නෙමෙයි… ඒක ඔහුගේ සිහිනයක්.

ඒත්… මේ කතාවෙ සතුටට වඩා  දුකම තමයි වැඩියෙන් තියෙන්නේ...

ඔහු මේ මන්දිරයේ සතුටින් ජීවත්වෙන්න හිතුවා තමන්ගේ ආදරණීය බිරිඳත් දරුවොත් එක්ක.
නමුත් අවාසනාවට, ඔහුගේ බිරිඳ ඉතා ඉක්මනින් අසනීප වෙලා මියගියා.
ඒකෙන් පස්සේ මේ මන්දිරය ඔහුට අතුටු ගෙයක් නොවී… මතකවලින් පිරුණු 

මතක විතරක් දෝංකාර දෙන ගෙයක් වුණා.
කාලය ගියා…
දරුවොත් නැතිව, පවුලත් විසිරෙලා, මේ ලස්සන මන්දිරය ටික ටික නිහඬ වෙලා ගියා.
හිරු බැස්සට පස්සේ, විශාල කණු අතරින් ගලා යන සුළඟ, පරණ ජනෙල් වලින් ඇහෙන හඬ…

මිනිස්සු කිව්වා, “මේ ගෙයි තවමත් අතීතයේ කතා හුස්ම ගන්නවා” කියලා.

අද, රිච්මන්ඩ් කාසල් කියන්නේ
ප්‍රේමය අහිමි වුන මන්දිරයක්..

මේ හැම එකක්ම එකට බැඳුණු ස්ථානයක්.
මන්දිරය ඇතුළට යනකොට, පරණ පඩිපෙළ, විශාල කාමර, ලස්සන වහල, පරණ පින්තූර…
ඒ හැම එකක්ම මිනිහෙක්ගේ ජීවිත කතාවක් වගේ කතා කරනවා.

රිච්මන්ඩ් කාසල් කියන්නේ ගල් වලින් හදපු ගෙයක් නෙමෙයි…
ඒක අතීතය ඇතුළේ හිරවුණු ආන්දෝලාත්මක කතාවක්.

Misha Dananjani

27 Blog des postes

commentaires