අනතුරට පත්වූ ඉරාන යුධ නෞකාව

ඉරාන නෞකාවේ 180ක් සිටි බවට අනාවරණයක්......

ගාලු මුහුදට නාවික සැතපුම් 40ක් දුරින් ඉරාන නාවික හමුදාවට අයත් IRIS Dena නෞකාව අනතුරට පත්වී ඇති බව තමයි වාර්තා වන්නේ .... අනතුර සිදුවන අවස්ථාවේ නෞකාවේ 180ක පිරිසක් සිට ඇති අතර ඔවුන් මුදාගැනීමට ශ්‍රීලංකා නාවික හමුදාව කටයුතුකරමින් පවතී .. ඒ වග්ගේම මේ වෙනකොටත් නෞකාවේ ගමන් ගත් අයගෙන් 30 දෙනෙක් ශ්‍රී ලංකා නාවික හමුදාවේ මුදාගැනීමේ කණ්ඩායම් විසින් ගොඩබිමට රැගෙන විත් තිබෙනවා.....
 
ඉරාන නාවික හමුදාවේ IRIS Dena නැව ඉරානයෙන්ම නාවික හමුදාවේ Bandar Abbas හි Shahid Darvishi නැව් තැනුම්පොළේදී නිර්මාණය කළ පළමු නැවක් වන අතර Moudge-පන්තියේ ඩිස්ට්‍රොයර් එකක් වන මෙය Moudge-පන්ති (Mowj class) නැව්වලින් දෙවන නැවයි. එමෙන්ම ටොන් 1,500ක බරකින් යුක්තයි. දකුණු ඉරාන නාවික හමුදාවට අයත් මෙම නැව ඉරානයෙන්ම නිෂ්පාදනය කළ "Bonyan 4" එන්ජින් 4ක් මගින් HP 20,000ක බලයක් ලබාගනී. එමගින් උපරිම වේගය පැයකට කිලෝමීටර් 56 (නාවික සැතපුම්  30) ක වේගයකින් යාත්‍රා කිරීමේ හැකියාව මෙම නෞකාවට ඇත.
 

2013/2015 පමණ අධිකාරි ලත් මෙම යාත්‍රාව දකුණු ඉරාන නාවික හමුදාවට (IRIN Southern Fleet) එක්වූ අතර, මෙය ඉරානයේ ඩෙනා කන්දෙහි නමින් නම් කරන ලදී. එමෙන්ම Iranian Navy Commander Hossein Khanzadi විසින් VLS (Vertical Launching System) සහිත පළමු නැව ලෙස ප්‍රකාශ කරන ලදී, එයින් ඉලක්ක 40ක් හඳුනාගෙන 5ක් සමග සටන් කළ හැකිය. එම නිසා මෙය එම වකවානුවේදී අනෙකුත් නාවික යුධ යාත්‍රාවලට දැඩි තර්ජනයක් එල්ල කලහැකි යාත්‍රාවක් ලෙස පැවතුනි.

මෙහි Qader නැව් මිසයිල 4ක්, 76 mm Fajr-27 අවියක් සහ 533 mm torpedo launcher 2ක් ඇති බැවින්, එය සමුද්‍ර සටන් හැකියාවන් මෙම වකවානුව වනවිටත් ඉහළ මට්ටමක පවතී. Asr රඩාර් පද්ධතිය මගින් කිලෝමීටර් 300ක දුරක ඉලක්ක හඳුනාගැනීමට සමත් වන මෙය, හෙලිකොප්ටර් යානයක් ගුවන්ගත කළහැකි පහසුකම්වලින් ද සමන්විතව පැවති ඇත.

Madhushanka Chandima

9 blog messaggi

Commenti