මිලියන 16 - 20 අතර මිනිස් ජීවිත අහිමි කල ලොවක් මර භීතියෙන් ඇලලූ මහා පලවෙනි ලෝක යුද්ධයේ සත්‍ය කතාව

මේ දර්ශන පළමු ලෝක යුද්ධයේ සොල්දාදුවන් මුහුණ දුන් කටුක සත්‍ය සහ යුද්ධයේ දුක් වේදනාවයි

        තුන්වන ලෝක යුද්ධයේ උණුසුම හිතට දැනෙන වෙලාවේ නිකමට අපි බලමු පළවෙනි ලෝක යුද්ධය කොහොමද ආරම්භ වුණේ කියලා. ඒක පොඩි සිදුවීමකින් පුළුවන් මේ ලෝකයේ මිනිස් ජීවිත මිනියන ගාන විනාස කරන්ඩ ඉතිහාසයේ එහෙම වෙච්ච ඒත් මිනිස්සු විදිහට අපි තාමත් පාඩමක් ඉගෙන ගත්තේ නැති පළවෙනි ලෝක යුද්ධයේ අවාසනාවන්ත කතාව තමයි මේ .. 

පළවෙනි ලෝක යුද්ධය ආරම්භ වුණේ 1914 ජූලි 28 වෙනදා .ආරම්භ වෙන්න ප්‍රධානම හේතුව වුණේ Gavrilo Princip කියන සර්බියානු ජාතිවාදී තරුණයෙක් විසින් Archduke Franz Ferdinand නමැති ඕස්ට්‍රේලියානු රාජ්‍ය උරුමක්කාරු වෙඩි තබා ඝාතනය කිරීමයි. මේ කියන සිද්ධිය සිදු වුණේ Sarajevo කියන නගරයේදී . මේ සිදුවීමෙන් පස්සෙ Austria-Hungary විසින් Serbia රටට යුද්ධය ප්‍රකාශ කලා. ක්‍රමයෙන් අනිත් රටවලුත් එක් එක් පක්ෂය තෝරාගනිමින් මේ යුද්ධයට සම්බන්ධ වුණා . 


පළවෙනි ලෝක යුද්ධය ඇතිවෙන්න බලපාපු ප්‍රධානම හේතු අතර රටවල් විසින් තම බලය වැඩි කර ගැනීමට උත්සාහ කිරීම ප්‍රධානම හේතුවක් වුණා .ඒඒවගේම යුරෝපීය රටවල් විශාල ආයුධ සහ හමුදා එකතු කළා .මේකත් එක්ක බලවත් වෙන රටවල් නව ජනපද ලබා ගැනීමට තරග කළා. මේ රටවල් ආරක්‍ෂාව සඳහා  ගිවිසුම් පද්ධති හැදුවා.ඒක නිසා එක රටක් යුද්ධයට ගියාම තවත් රටවල් ඒකත් එක්ක එකතු වුණා. 

හැම යුධයකදී වගේම මේ යුද්ධයේදීත් අක්ෂ පාර්ශ්ව සහ මිත්‍ර පාර්ශ්ව හිටියා

අක්ශ පාර්ශව සහ ඒවායේ නායකයන් විදියට 
Germany - Kaiser Wilhelm || 
Austria-Hungary _  Franz joseph | 
Ottoman Empire   _ Mehmed V 
Bulgaria 

මිත්‍ර පාර්ශව සහ ඒවායේ නායකයන් විදියට 
United Kingdom - David Lloyd George
France - Georges Clemenceau
Russia 
United States - Woodrow Wilson 
Italy


මේ මහා යුද්ධයෙන් සොල්දාදුවන් සහ සාමාන්‍ය අහිංසක ජනතාව මිලියන 16 - 20 අතර මිය ගියා එවගෙම යුරෝපයේ කර්මාන්ත දේපළ විශාල වශයෙන් විනාශ වුණා. මේත් එක්ක ලෝක ආර්ථිකයට බිලියන ගණනක ඩොලර් හානියක් වුනා. සමහර රටවලට ණය ගෙවා ගන්න බැරි වීමනිසා යුරෝපයේ රටවල් බොහෝමයක් පරම්පරා ගානනාවකට ගොඩ එන්න බැරි ණයවලට වැටුන ඒ විතරකුත් නෙමෙයි ණය ගෙවාගන්න බැරුව නැවත මහා විනාසයක් වෙච්ච දෙවන ලෝක යුද්ධය ඇතිවෙන්න හේතුවක් වුනා. 

මේ මහා යුද්ධය අවසන් වෙන්නෙ 1918 නොවැම්බර් 11 වෙනිදා. යුද්ධයෙන් මිත්‍ර පාර්ශවය ජයග්‍රහණය කලා.ඒත් එක්ක 1919 දී Treaty of Versailles ගිවිසුම අත්සන් කළා .


අවුරුදු 4 මාස 3 වඩා දීර්ඝ කාලයක් මේ යුද්ධය පැවතුණා . මේ යුද්ධයෙදි ටැංකි , විශ වායු , ගුවන් යානාවැනි නව අවි භාවිතා කරමින් විශාල හානියක් ලෝකයටම  සිදු කලා. 

යුද්ධය මිනිස්සුන්ට ගෙනාවෙ ජයග්‍රහණය නෙමෙයි මහා විශාල වේදනාවක්  තරුන බාල මහලු බේදයකින් තොරව ජීවිත මිලියන ගනනක් ජීවිත විනාශ වුනා.. යුද්දයක අවාසනාව කෙතරම් බරපතලද කියනවා නම් හය හතර නොදත් අහින්සක දරුවන්ට මේ යුද්ධයට මැදි වී ජීවිතය පුදන්නට සිදු වුනා .   

කවදාවත් තමන්ට වුවමනා නොවිච්ච සටනක් නිසා තමන් මේ යන්නේ මොකටද කියලවත් නොදන හිටපු නමුත් මිනිස්සු සටන් භූමියට අරගෙන ගියපු අහිංසක අශ්වයො සහ තවත් සමහර සත්තු සිය  දහස් ගණන් මේ යුද්ධයේදී තුවාල වෙලා වෙඩි වැදිල වගේම අධික වෙහෙසෙන් මිය ගියා ඔවුන්ට හිමි වුණේ ඉතාම කටුක  මරණයක් ඇත්තටම ඒක වෙනම කඳුළු කතාවක් මේක ගැන වෙනම මම ලියන්නම් .

         බිය කදුලු අහිමිවීම සහ  වේදනාව පමණමයි හිමි වෙන්නෙ යුද්ධයෙන්. මෙවැනි යුද්ධයක් මේ ලෝකයේ ඇති නොවිය යුතුයි කිසිම දිනයක . 

Written by Misha Dananjani

Misha Dananjani

26 블로그 게시물

코멘트
Salma Salma 2 안에

👍👍👍

 
 
Vihara Wijesinghe 3 안에

👍