දෙවනි ලෝක යුද්ධය අපිට කියල දුන්න අමතක නොවෙන පාඩම දැන් අමතක වෙලා
දෙවෙනි ලෝක යුද්ධය ආරම්භ වුණේ 1939 සැප්තැම්බර් පළවෙනිදා. ජර්මනීය නායකයා වෙච්චි Adolf Hitler විසින් poland ආක්‍රමණය කිරීමත් එක්ක මේ යුද්ධය පටන් ගත්තා. මේකත් එක්ක United Kingdom සහ France ජර්මනයට එරෙහිවයි යුද ප්‍රකාශ කරන්න පටන් ගත්තා .
මේ යුද්ධය ඇතිවෙන්ට ප්‍රධානම හේතු ලෙස බලපෑවේ ,
Adolf Hitler ජර්මනිය ලෝකයේ බලවත්ම රට කරන්න උත්සාහ ගැනීම නිසා
ඒ වගේම ජමනිය ඉතාලිය සහ ජපානය විසින් තවත් රටවල් අල්ල ගන්න උත්සහ කලා
පළවෙනි ලෝක යුද්ධයෙන් පස්සේ ඇති වෙච්චි අසාධාරණ ගිවිසුම් මේකට හේතුවක් වුණා .
1930 කාල වල ආර්ථික අර්බුදය රටවල් අතර තරගය වැඩි කලා
මේ දෙවන ලෝක යුද්ධයේදීත් ප්‍රධාන පාර්ෂව දෙකක් හිටියා එයාල දෙපැත්තට බෙදිලා සටන් කලා
අක්ෂ පාර්ශව සහ ඒ රටවල නායකයන් උණේ
Germany - Adolf Hitler
Italy - Benito Mussolini
Japan - Hideki Tojo
මිත්‍ර පාර්ශ්ව විදිහට
United Kingdom - winston churchill
United states - Franklin D Roosevelt
Soviet union - josep stalin
France
China
හැම යුද්ධයකදිම වගේ මේ ලෝක යුද්ධයේදීත් විශාල ජීවිත හානි ප්‍රමාණයක් සිද්ධ වුණා . කුඩා දරුවන් වගේම වැඩිහිටියන් සහ කිසිවක් නොදන්න සාමය අවශ්‍ය මිලියන ගනනක් පුද්ගලයන්ගේ ජීවිත ආදරය අහිමි උණා .
සම්පූර්ණයෙන්ම මිලියන 70- 85 අතර මිනිසුන් මියගියා
මේක තමයි ලෝක ඉතිහාසයේ සිද්ධ වෙච්චි විශාලම මරණ සංඛ්‍යාව වෙන්නෙත්
යුරෝපයේ නගර බොහොමයක් විනාශ වුණා කර්මාන්තශාලා , වරාය , ගෙවල් මේ හැම දේම
ඒ වගේම ලෝක ආර්ථිකයට බිලියන ගණනක ඩොලර් හානියක් සිද්ධ වුණා මේකත් එක්ක යුරෝපයේ බොහෝ රටවල් ආර්ථික පරිහානියකට ලක්වුණා .
1945 මැයි 8 වෙනිදා Germany පරාජය උණා
1945 සැප්තැම්බර් 02 ජපානය සම්පූර්ණයෙන්ම යුද්ධයෙන් ඉවත් වුණා
මේකත් එක්ක මිත්‍ර පාර්ශ්වය ඒ කියන්නෙ Allied Powers යුද්ධය ජයග්‍රහණය කළා .
යුද්ධය කියන්නේ ජයග්‍රහණය හා පරාජය අතර තියෙන මහා සටනක් වුණත් අහිංසක මිනිස් ජීවිත ගණනාවක් බිරිගත්ත .. යුද්ධය අවසාන වෙද්දී ජයග්‍රහණය කියන එක යම් පාර්ශ්වයකට හිමි වුණත් අහිමි වෙච්චි දේපළ ජීවිත දෙමව්පියන් සහෝදරයන් අහින්සක හීන ජීවිත නැවත කිසිදා ලැබෙන්නෙ නැහැ .
යුද්ධය කියන්නේ කවදාවත් ජයග්‍රහණයක් නෙවෙයි හය හතර නොදන්න අහිංසක පුංචි දරුවන් දහස් ගණනක් කිසිම දෙයක් නොදැන ජීවිතයෙන් වන්දි ගෙවපු මහා ශාපයක්
එකමුතුකම සාමය සහ මනුෂ්‍යත්වය තමයි මේ ලෝකයම බබලවන්න පුළුවන් එකම ආයුධය වෙන්නෙ
Written by Misha Dananjani