අතීතයේ ස්ත්‍රීන් දරුවන් ප්‍රසූත කළ - කළුවර ගෙය හෙවත් තිඹිරිගෙය

ගැහැණියක් මවක් වීමේ උතුම් අවස්ථාව උත්සවයක් කර නොගත් මවගෙන් උපන් අසීමිත ආදරය සඟවාගෙන සිටි අදුරු කුටිය

අ තීත ස්ත්‍රීන් දරුවන් ප්‍රසව කල අද  කාලයේ බොහෝ දෙනාට කිසියම් හැඟීමක් නැති තිඹ්රිගේ යනු අතීතයේදී දරුවන් බිහි කිරීමට භාවිතා කළ විශේශ කාමරයයි .  දරුවකු බිහිකිරීමේ කාලයේදී මවගේ සාමාන්‍ය තත්ත්වයට වඩා වෙනස් වන හැඟීම් සහ ශාරීරික අවශ්‍යතා පහසු කිරීමට මේ කාමරය නිර්මාණය කරලා තියෙනවා.  තිඹ්රිගේ කියන්නේ ගෙයක් ඇතුළෙ තියෙන අඳුරු සහ සූර්යාලෝකය අඩුවෙන් ඇතුළුවෙන කුඩා කාමරයක්.අපේ මුතුන් මිත්තන් කළුවරගේ යන්නමින්ද මෙය හඳුන්වන්නේ කාමරය ඇතුලේ ආලෝකය අඩුවෙන් තිබුන නිසා .

වර්තමානයේදී මිනිසුන් තුල වැරදි වැටහීමක් තුබෙනවා තිබිරිගය තුළ දරුවන් ප්‍රසූත කලා යැයි සිතා.  නමුත් නිවසේ වෙනම කාමරයක ප්‍රසවය සිදු කලරනු ලැබුවේ පලපුරුදු කාන්තාවක් විසින් .  පසුව තමයි තිඹිරිගෙයට මව සහ දරුවා රැගෙන ගියේ . 

වෛද්‍ය පහසුකම් හොඳින්  නොතිබූ නිසා මව සහ දරුවා ආරක්ෂා කර ගැනීමට මෙය බෙහෙවින්ම උපකාර වුණා. මෙය අඳුරු කාමරයක් නිසා සීතල සහ සුළඟ අඩුවෙන් ඇතුළු වීම  මවගේ ශරීර දුර්වලතා , ප්‍රසවයේදී ලේ යෑම නිසා සිදුවන ශාරීරික අපහසුතා ,  අධික උදරය වේදනාව සහ පේෂි වේදනාව , තැති ගැනීම නිසා ඇතිවන මානසික අපහසුතාවය යම් තාක් දුරකට දරුවා බිහිවුණු පසුව මවගේ ශාරීරික සහ මානසිකත්වය නැවත යතා තත්වයට පත් කර ගැනීමට දරුවා සමඟ හුරු වෙමින්  තනිවෙමින් ඉඩ දීමට තිඹිරිගෙය බෙහෙවින් උපකාර වුණා .   පිටත රෝගවලින් ආරක්‍ෂාවීමට සහ මවට උණුසුම ලබා ගැනීමටත් හැකි වුනා.  

දරුවා බිහිවීමෙන් පසුව දින 7 සිට 40 දක්වා කාලයක් මව සහ දරුවා මෙම කාමරය තුල ඔව්න් රදවා නාදුනන අයට ඇතුළු වීමට ඉඩ නොදී  මවගේ ළගම පාර්ශ්වයන්ට පමණක් එහි ඇතුළු වීමට අවස්ථාව හිමිකර දෙන්න අපේ පැරණි මුතුන් මිත්තන් කටයුතු කලා . 

මවකගේ ඉවසීම  ආදරය ශක්තිය  වේදනාව නිහඩව මිශ්‍ර වුන මේ අදුරු අදුරු කාමරය  අම්මාගේ කදුළුත් සිනහවත් එකම මොහොතේ දැක්ක නිහඬ කාමරයක් . තිබිරිගේ කෙතරම් අදුරු වුවත් කේතරම් වේදනාත්මක වුවත් නව ජීවයක ආරම්භය සහ මවක් ලෙස ගැහැණියකගේ ආරම්භය  සිදුවුණු අතීතයේ පැවති පිරිසිදු ස්ථානයක් ලෙස අපිට හදුනා ගන්න පුලුවන්

අතීතයේ කාන්තාව මවක් වීම විශේශ කර ඇයට ලබා දුන් ගෞරවය සහ අභිමානය සමග ආරක්‍ෂාව වර්තමානයේදී කාන්තාවන්ට නොලැබීම නිසා ඇයගේ නව ජීවිතයේ මානසික සතුට සහ අවශ්‍යතා විහිලුවක් වෙමින් ඇය රෝගී වෙමි පවතී . මෙය ඉතා කණගාටුදායක වුවත් ශ්‍රී ලංකාවේ අතීත මුතුන් මිත්තන්ට අද තරම් දියුණු තාක්ෂණයක් නොතිබ්බත් ඔව්න් කිසිදා අමතක නොකල ගැහැණියක් මවක් වීමෙ විශේශ අවස්තාව ඇයට නිදහස් සහ උපරිම හැගීම විද ගැනීමට ඉඩ සැලැස්වීම සහ දරුවාට එය උරුම කිරීමට ගත් විශේශ උතුම් ක්‍රියා වලින් එකක් ලෙස මෙය හදුන්වන්න පුලුවන්

Misha Dananjani

27 Blog des postes

commentaires