ගිනි රකුසාගේ වග තුග ??

ජපානයේ සුන්දරම ගිනිකන්ද

ෆුජියාමා ගිනිකන්ද 
 ජපානයේ ඇති ඉතා සුන්දර මනරම් කන්දක් වන ෆුජියාමා ගිනිකන්ද ලොව කාගෙත් සිත් දිනා ගෙන ඇත .මෙම ගිනිකන්ද නිකන්ම නිකන් ගිනිකන්ද නොවන අතර මෙය යුනෙස්කෝ සංවිධානය විසින් ලෝක උරුමයක් ලෙසද නම් කර තිබිම සුවිශේෂීය.
ජපානයේ පිහිටා ඇති කදු අතර පෙරමුණේ සිටින ෆුජියාමා ගිනිකන්ද ජපානයේ උසම කන්ද ලෙසද සැලකෙයි. මෙහි උස 3776.24 m වන අතර මෙය හොන්ෂු දුපතේ පිහිටා ඇත. ෂිසුඕකා සහ යමනාෂි යන ප්‍රාන්තවලට මායිම් වන්නට මෙම සුන්දර ගිනි කන්ද පිහිටා ඇති අයුරු දැකගත හැකිය. එමෙන්ම ටෝකියෝ නගරයේ සිට 100KM දුරින් පිහිටි මෙම ගිනිකන්ද දැනට අක්‍රිය තත්ත්වයේ පවතින අතර අවසන්වරට සක්‍රිය වී ඇත්තේ මිට වසර 300කට පෙරය .එනම් 1707 දීය.
මෙම ගිනි කන්ද පුජනීය කන්දක් ලෙස ජපන් වැසියන් මහත් ගරු බුහුමන් ඇතිව අදහන අතර බෞද්ධයන් හා ෂින්ටෝ ආගමිකයන් වන්දනාමාන කරණු ලබයි.තවද මෙම ෆුජි ගිනිකන්ද අවට ආගමික සිද්ධාස්ථාන සියයකට ආසන්න ප්‍රමාණයක් දැකගත හැකිය . 
ෆුජියාමා ගිනිකන්ද වසරකට 400000ක් පමණ පිරිසක් තරණය කරන අතර උදෑසන හිරු කිරණ නැරඹීම සදහා බොහෝ දෙනා රාත්‍රී කාලයේ කන්ද තරණය කරයි . 
ෆුජි කන්ද සතුව ඇතු ඉතා ආකර්ෂණීය බව නිසා බොහෝ ජපන් කලා කෘතිවලට මෙම කන්ද මුලිකත්වය ගෙන ඇත.

Savindi Sathsarani

1 블로그 게시물

코멘트