
චීනයේ වැරදිකරුවන්ට මරණ දඩුවම ලබාදෙන ප්‍රධාන ක්‍රම දෙකක් තියෙනවා .
*විෂ සහිත එන්නත් ශරීර ගත කිරීම
*වෙඩි තබා මරා දැමීම
මෙහිදී අධිකරණය විසින් වැරැදිකරුවාට මරණ දණ්ඩනය හිමි වූ පසුව ආරක්ෂක හමුදා විසින් ඔහුව විශේෂ ස්ථානයකට ගෙන යනවා . ඔහුගේ දෑත් බැද වෙඩි තැබීමට සුදුසු ලෙස හෝ සූදානම් කරගන්නවා මෙහිදී තුවක්කු සහිත හමුදා සෙබළුන් කිහිපදෙනෙක් එකවර සූදානම් වෙනවා. අන්න ලැබුණු පසු එකවර වෙඩි තියෙනවා මෙහිදී ඉලක්ක වෙන්නේ හිස හෝ හෘදය පසුව වෛද්‍යවරයා පැමිණ මරණය සිදුවී ඇත්ද පරීක්ෂා කරනවා . මෙය ඉතා භයානක මරණ දණ්ඩන ක්‍රමයක් . චීනය ලෝකයේ මරදඬුවම වැඩියෙන්ම ක්‍රියාත්මක වන රටක් ලෙස සලකනවා.



උතුරු කොරියාව දැඩි නීති තියෙන රටක් ලෙස සැලකෙනවා. මරණ දඬුවම දෙනු ලබන්නේ වෙඩි තැබීමෙන් . වැරදිකරුවාට තුවක්කු හමුදාවක් එකවර වෙඩි තබා ඔහුටදඩුවම් කරනවා. සමහර අවස්ථාවලදී මෙය පොදු ස්ථානවලදී සිදු කරන බවත් සැලකෙනවා.
උතුරු කොරියාවේ ඇතුළත තොරතුරු පිටත ලැබෙන්නේ ඉතාම කලාතුරකින් නිසා නිශ්චිතව තොරතුරු දැනගැනීම ඉතා අපහසු වෙලා තියෙනවා.
මරණ දඬුවම පිළිබඳව ලෝකයේ මිනිසුන් ප්‍රධාන මත දෙකක් දරනවා . එක් පිරිසක් මරණ දඬුවම අනුමත කරන අතර අනෙක් පිරිස එය හෙලා දකිනවා. මරණ දඬුවම අනුමත කරන පිරිස කියා සිටින්නේ දූෂණ ඝාතන ත්‍රස්තවාදය වගේ කරන අයට නිවැරදි දඬුවම් ලබාදීමෙන් එය තවත් කෙනෙක් කිරීම වැළකෙනවා වගේම එයින් යම් නීතිමය සාධාරණයක් ඉටුවන බවයි .
නමුත් මරණ දඬුවම හෙලා දකින අය කියන විදියට මරණ දඬුවම මනුෂ්‍ය හිමිකම් වලට විරුද්ද බවයි. යම් හෙයකින් අධිකරණයේ වැරදි තීරණයක් වුවහොත් නිර්දෝෂී පුද්ගලයෙක්ට මරණ දඬුවම විඳීමට සිදුවෙනවා. සිර දඬුවම් වැනි දඩුවම් තිබෙන නිසා මරණ දඬුවම සුදුසු නැහැ යන අදහස ඔව්න්ගේ තියෙනවා. .