න්‍යෂ්ටික යුද්ධය ඇරඹෙයි .. ලෝක විනාශය අත ළඟ

මේ වනවිට න්‍යෂ්ටික පර්යේෂණ ස්ථාන ඉලක්ක කරගනිමින් ප්‍රහාර සිදුකිරීම දක්වා මැදපෙරදිග යුද්ධය ව්‍යාප්ත වී ඇත....

ඉරානය සහ ඊශ්‍රායලය අතර පවතින යුධ ගැටුම් පාලනයකින් තොරවෙමින් පවතින බව දක්නට ඇත. මෙම කලාපයේ වර්ධනය වෙමින් පවතින අලුත්ම සහ බිහිසුනුම තත්වයනම් දෙරටේම න්‍යෂ්ටික ප්‍රතික්‍රියක සහ පර්යේෂණ කටයුතු සිදුකරමින් පවතින ඉතාමත් සංවේදී ස්ථාන ඉලක්ක කරගනිමින් එකිනෙකාට ප්‍රහාර එල්ල කරගැනීම ආරම්භ කර තිබීමයි.

 

 

මෙහි ඇති ඉතාම බැරෑරුම් තත්වය වන්නේ ඇමෙරිකානු ඊශ්‍රායල් ඒකාබද්ධ ප්‍රහාර මගින් ඉරානයේ පරිනත නායකත්වය විනාශකර දැමීමෙන් පසු වගකීම් විරහිත හමුදා කණ්ඩායම් වෙත ඉරානය සහ එහි ඇති බිහිසුණු අවි ආයුධ මෙන්ම න්‍යෂ්ටික සම්පත් ද නතුවෙමින් පැවතීමයි. එමෙන්ම දැඩි යුධකාමී ඊශ්‍රායල් නායකත්වය මගින් මෙම ඉරාන න්‍යෂ්ටික මධ්‍යස්ථාන වෙත ප්‍රහාර එල්ල කිරීමත් ඉරානය ඒවාට පලිගැනීමක් ලෙස ඊශ්‍රායල් න්‍යෂ්ටික මධ්‍යස්ථාන ඉලක්ක කිරීමත් ආරම්භවී ඇත.. මෙහි ඇති භයානක අනතුර වන්නේ ඉතා විනාශකාරී මුල ද්‍රව්‍ය පරිසරයට එකතුවීමේ දැඩි අවශානමක් මතුවීමයි එමගින් ගෝලීය පරිසර පද්ද්ධතියට සහ වගාවන් ට ඒවා මිශ්‍ර වීම සහ එමගින් සමස්ත මානවව වර්ගයාටම විශාල අහිතකර බලපෑමක් ඇතිවන දවස ඉතාම ආසන්නයට පැමිණ ඇත. වෙනත් ආකාරයකට කියනවානම් කුමක් හෝ නිසා සිදුවන වෙවැනි වගකීම් විරහිත ප්‍රහාර දෙස ලෝක විනාශයේ දොරකඩ සිට ලෝකයේ සියලු ජනතාවට අසරණව බලාසිටීමට සිදුවී ඇත. මානව වර්ගයාගේ යහපතට බව පවසමින් න්‍යෂ්ටික මුලද්‍රව්‍ය එකතුකරමින් ලෝකයේ දියුණු ජාතින් යම් කාලයකදී කරනලද ක්‍රියාකාරකම් අද දවසේ සමස්ථ ලෝකයටම තර්ජනයක් වෙමින් පවතී ... ගින්දර සමඟ සෙල්ලිම් කිරීම ඔවුන්ගේ ක්‍රීඩාව උවද බල තණ්හාවෙන් උමතු වී ඇති ඔවුන් නොසැලකිලිමත් ලෙස එම මරි මෝල් ක්‍රීඩාවෙන් මුලු ලෝකයම ගිනිතබන දිනය වැඩි ඈතක නොවන බවනම් ඉතාම පැහැදිලි වෙමින් පවතී.

 


Madhushanka Chandima

9 Blog des postes

commentaires