උද්ධමනය ගැන ඔයා මොනවද දන්නෙ ??

මේ ලිපිය ඔයා කියෙව්වට පස්සෙ ඔයාට අලුත් දේවල් හුගක් දැන ගන්න ලැබෙයි

අත්‍යුද්ධමනය (Hyperinflation) කියන්නේ මොකක්ද? 🤔

අත්‍යුද්ධමනය කියන්නේ
සාමාන්‍ය මිල වැඩිවීමක් නෙමෙයි.ඔයා හිතනවටත් වඩා විශාල ලෙස මිල වැඩිවීමක්.සරලවම කියනවා නම් 
 මිල ගණන් දවසෙන් දවස එහෙමත් නැත්තං
 සමහර වෙලාවට පැයකින් පැයකට ඉහළ යන තත්ත්වයක්.🙀

මෙතනදි වෙන්නෙ මුදල් කොච්චර ඔයා ලග තිබුනත් 
ඒත් ඒ මුදල් වලින් ගන්න පුළුවන් දේ ඉතා ඉක්මනින් අඩුවෙනවා.

🏪 අද රු.500ට ගන්න පුළුවන් බඩු
👉 හෙට රු.1,000
👉 ලබන සතියේ රු.5,000
👉 ටික කලක් ගියාම ඒ මුදල් වලට බඩුවක්වත් නෑ

🟣අත්‍යුද්ධමනය ඇති වෙන්නේ ඇයි?


🔹 රජය අවශ්‍යතාවයට වඩා මුදල් මුද්‍රණය කිරීම
🔹 විශාල රාජ්‍ය ණය
🔹 ආදායම් වලට වඩා වියදම්
🔹 දේශපාලන අස්ථිරතාව
🔹 යුද්ධමය තත්ත්ව සහ නිෂ්පාදන කඩා වැටීම

මෙය එක රැයකින් ඇති වෙන දෙයක් නෙමෙයි.
දිගු කාලයක් ගොඩනැගුණු වැරදි තීරණවල අවසාන ප්‍රතිඵලයක්.

🌍 ලෝකයේ අත්‍යුද්ධමනය අත්විඳපු රටවල්

🇿🇼 සිම්බාබ්වේ

2000 දශකයේ බිලියන, ට්‍රිලියන වටිනා නෝට්ටු මුද්‍රණය කරපු රටකට අවසානයෙ
බත් එකක්  ගන්න මුදල් බෑග් එකක් පුරා අරගෙන යන්න වෙනවා.
අවසානයේ තමන්ගේ රටෙ තිබු මුදල් ඒකකය  අතහැර ඩොලර් මුදල් ඒකකය බවට පත් කරගන්න සිදු උනා 

මුදල් තිබුණත් වටිනාකමක් නෑ කියන දේට හොඳම උදාහරණයක්.

🇻🇪 වෙනිසුවෙලා

 තෙල් සම්පත් විශාල වශයෙන් තිබුණත් වැරදි ආර්ථික ප්‍රතිපත්ති නිසා
භාණ්ඩ හා සේවා මිල විශාල වශයෙන් ඉහල ගිටා

පුද්ගලයන්ට පාන්  එකක් ගන්න දවසේ වැටුපත් මදි වුණා.මේ නිසා එ රටෙ ජනතාව රටින් පිටව යෑම නිසා විශාල සේවා වියුක්තියකට පවා මුහුණ දීමට සිදු උනා.

🇩🇪 ජර්මනිය (1920 දශකය)

පළමු ලෝක යුද්ධයෙන් පසු 
ණය ගෙවීම සදහා මුදල් අධික ලෙස මුද්‍රණය කළ අතර ඒ හෙතුවෙන් විශාල උද්ධමනයක් ඇති වෙලා භාණ්ඩ හා සේවා නැති උනා.හැබයි මුදල් ඇති තරම් ජනතාව අතර තිබුණා.එයට හොදම උදාහරණයක් වන්නෙ

දරුවෝ සෙල්ලම් කළේ නෝට්ටු ගොඩවල්වලින්

🇭🇺 හංගේරිය (ලෝක ඉතිහාසයේ ඉහළම අත්‍යුද්ධමනය)

 මිල ගණන් දිනකට කිහිප ගුණයකින් ඉහළ ගිය අතර මුදල් සම්පූර්ණයෙන්ම අර්ථ විරහිත වුණා (මුදලට වටිනාකමක් නැ) මේ හේතුවෙන්  නව මුදල් ඒකකයක් හඳුන්වා දීමට සිදු වුණා

අත්‍යුද්ධමනය කියන්නේ
“මුදල් වැඩි වුණා” කියලා සතුටු වෙන්න පුළුවන් දෙයක් නෙමෙයි.
 නිසි ආර්ථික කළමනාකරණයක් නැත්නම්,
 රටක් කොච්චර සම්පත් තිබුණත් මුදල් කඩදාසි කැබල්ලක් වගේ වෙන්න පුළුවන්.🙂

හීන දිනන Econ පන්තිය🔥|දුලේශන දිලාන්
Advertisement



Duleshana Dilan

2 博客 帖子

注释