?️*කන්‍යාවී ඈ....*?️

_නිවැරදි ප්‍රේමය හමු නොවුන තැන._

කන්‍යාවී ඈ....*🕊️

 _නිවැරදි ප්‍රේමය හමු නොවුන තැන._

🪻 ~```2 කොටස```~ 

නෙහාන් ඇයව රැගෙන ආවේ තට්ටු දෙකක් ඇති නවීන පන්නයේ මහල් නිවාසයකටයි.තෙමසක් ගියද එයට පැමිණි දා සිට ඇය එම ගෙදර බිරිදක නොව මෙහෙකාරියක විය.
නිදියහනේදී නෙහාන්ට ඇයව හැගුනේ වීදිගණිකාවක පරිද්දෙනි. තම ආශාවන් ඉටුවූ පසු ඇයව සයනෙන් බිමට ඇද දමන ඔහු පසුදා උදෑසන වන විට කාර්‍යාලයට යන්නේ තමාට බිරිදක් නොමැති පරිදිය.

ඔහු බේබද්දෙකු සේ..නිවසට එන දිනවල් ලාහෙට ගෙම්බන් එකතුකරන අයුරුය. 


ත්‍යාගී මට කෑම ටික ගෙනෙන්.....ඈ ඔහුගේ බේබදුකමින් රතු වූ දෑස් වලට බියවූයේ සිංහයෙකු අබියස බයෙන් තැතිගත් මුවදෙනක සේය.


අනේ...ප්ලිස් නෙහාන්...ඇයි මෙහෙම බොන්නේ.....


නෙහාන්....නෙහාන් කියන්න උබ මගේ ගෑනිද...එක එකා එක්ක ලැගලා මගේ ජිවිතේ කන්න ආපු බැ##ල්ලි..

අනේ...ප්ලිස් මම එහෙම වරදක් කලේ නෑ දෙවියනේ...


අනේ මේ උබ පත්තිනි අම්මනේ...නෙහාන්ගේ කෝපය ත්‍යාගිගේ කදුලු වලින් දෙගුන තෙගුන විය. ඔහු ඒ තරහා පිරිමැහුවේ මේසය මත තබා තිබූ ව්‍යාංජන දීසී වලිනි.


ජරාස් යන හඩින්. දිසි බිදි ගියේ ත්‍යාගීගේ අතක්ද බිදුනු විදුරු කැබැල්ලකට ගැබුරට සීරිමෙනි.



ආහ්හ්හ්.....ඌයි....අම්මෝ......ත්‍යාගී මහ හයියෙන් විලාප තියමින් අඩන්නට වූයේ වේදනාවටය.


චික් කරුම.....මෙහෙ වර තෝ නම් මට කන්නවත් දෙන්නේ නෑ.....නෙහාන් තරහින් පිපුරුවද...හෙට තම මව් පියන් නිවසට එන බැවින් ඇයව මෙසේ ලේ විලක් මැද දමා ගියොත් තමාට හොද හැටි බැනුම් ඇසිමට වන බව දන්නා නිසාය.


මාව කන්න ආපූ බැ#ල්ලි...හෙට අපේ අම්මලා එනවා.ඒ අස්සේ මේක දැක්කොත් මම ඉවරයි..

ඔහු ඇගේ අතින් ඇදගෙන ගොස් අත සෝදවන්නට විය.තුවාල වූ අතින් ලේ ගලා ගියේ ගගක් සේය.

ත්‍යාගී ලේ වලට බියය. ඇයට සිහිමූර්ඡා වූයේ එවිටය.

මේක හරියන්නේ නෑ.... මේ ගැනිත් දැන්ම වැටුනනේ.කරුමේ...ඔහු ඇයව වත්තම් කරගෙන ඇයව රෝහලට ගෙන ගියේය.



මේ පේශන්ට්ට මොකද උනේ ...


සිදුවූ දේ කීමට නෙහාන්ට නොහැකිය.දහාතේ කල්පනා කර හද්ද බොරුවක් ගොතාගත් ඔහු.


ඩොක්ටර්..මෙයා බාතෲම් එකේ ලිස්සලා වැටුනා.


වැටුනා...වෙන්න බෑනේ මිස්ටර් නෙහාන්.ඩොස්තර සැක මුසු මුහුනෙන් ඔහු දෙස බැලීය.

ඔව් ඩොක්ටර්....වැටෙද්දි බෝතල් තියන්න ගහලා තිබ්බ වීදුරු රැක් එකේ අත වැදිලා.

අහ්...ඕකේ...


පැය කිහිපයකට පසු ත්‍යාගීට සිහි පැමිනි අතර ඇයට බරපතල නොවූ නිසා ඇයව රෝහලෙන් රැගෙන ඒමට නෙහාන්ට හැකි විය.



හෙට අපේ අම්මලා මෙහෙ එනවා.

හ්ම්...
අම්මල ඇහුවිත් තමිසෙට මොකද උනේ කියලා මොකක්ද කියන්නේ....

ඇය නිශ්ශබ්බය.කාර්‍රතයේ විදුරුවෙන් පිටත පෙනෙන විදුලි එලි බලා සිටි ඇය ගැස්සි ගියේ නෙහාන්ගේ යක්ශ කටහඩෙනි.

ඕයී....තමුසෙට මොකද උනේ...


මම වැටුනා.මහත්තයා.

කොහෙද...?
 

බාතෲම් එකේ


අතට මොකෝ උනේ...


ඒකේ තිබ්බ වීදුරු රැක් එකේ වැදුනා...


වෙරි ගුඩ්..නෙහාන් ඇයට කිව යුතු සියල්ල කලින් උගන්වා තිබුනි.

මීට වඩා වචනයක් හරි හෙලෙව්වොත් අම්මලා ගියාට ආයේ එන්නේ උබේ මරනෙට.


ඇය නිශ්ශබ්දව ඔහු දෙස බලා කල්පනා කලේ.සරසවියේ ඇගේ අතින් අල්ලා පෙම්බස් දෙඩූ ඒ පුරුශහාමද යැයි සැක හැර දැන ගැනීමටය.

පසුදා උදෑසන ඇය අවදි වන විට ඇයට ඇගෙහි කිව නොහැකි තරමේ වේදනාවක් තිබුනි. ඔලුව කැරකැවී.වමනෙට මෙන් තිබිනි.

නමුත් ඇය එය ගනනට නොගත්තේ පෙරදින සිදුවූ තුවාලය නිසා ඇතිවු කැකුමක් යැයි සිතමිනි.


මහත්තයා. අම්මලා එන්නේ කීයටද....


නෙහාන්ට උදෑසන තේ එක දෙන ගමන් ඇය ඇසුවේය.


අක්කාව හොස්පිටල් ගෙනිච්චා කට්ටියම ඒවී ටිකකින්..තමුසේ හොදට මූන සෝදලා. ලස්සනට ඉන්නවා.


නෙහාන් ඇදෙන් නැගිට ත්‍යාගීගේ කෙස් වැටියෙන් අල්ලා ගත්තේය.

මොකක් හරිම වෙනසක් පෙන්නුවොත් බලාගමු.


ඇය ඉතා සතුටින් සිටියේ නෙහාන්ගේ මව දැකීමටය. නයනා ඇගේ නැන්දම්මා උවද ඇයට සැලකූවේ මවක ලෙසිනි.

එසේම ඇගේ නෑනා වූ නේත්‍ර ද නෙහාන්ගේ අයියාද ඇයට සැලකූවේ තම නැගනියට මෙනි.

නමුත් නෙහාන් මෙ පවුලෙන් අරන්හදා ගත් අයෙකුද යන්න ත්‍යාගී සිතුවේ ඔහුගේ මේ හැසිරීම් නිසායි.කඩිමිඋඩියේ ඔවුන් වෙනුවෙන්ම ත්‍යාගීට දහවල් ආහාරය පිලියෙල කලාය.


දහවල් එක පමන වන විට නෙහාන්ගේ අයියා වූ නේතක ගේ වාහනය.නෙහාන්ගේ මිදුලේ නතර කලේ ත්‍යාගී ආදරයෙන් මව ලගට දිව එමෙන්ය.


අම්මා...අක්කා...ඔයාලව දැක්ක කල්....


ඒකනේන්නම්..කොහෙද අලුත් ජෝඩුවට වැඩ වැඩීනේ..මාව මතක නෑ..අම්මා කීය.


අනේ අම්මේ කාටද අසනීප උනේ....

අහ්...නෙහාන් කීවේ නැද්ද...?


නෑ....නේ...

අහ්..යමුකේ අම්මේ ඉස්සෙලාම ඇතුලට...තාත්තේ එන්න..


අනේ බන් මට එන්න කියන්නේ නැද්දා....

සොරි අයියේ අයියත් එන්නකෝ.....


ඇය සතුටින් ඔවුන්ව පිලිගත් අතර උඩ තට්ටුවට දිව්වේ නෙහාන්ට පනිවිඩය කිමටය.


මහත්තයා.....අම්මලා ඇවිත්...


හ්ම්....


ඇය ඉක්මනින්ම තේ ලෑස්ති කර ඔවුන්ට පිලිගැන්වීය. ඒත් සමගම නෙහාන් පහලට පැමිනියාය.


යසයි. ඉලන්දාරියා...වයිෆ්ට උදව් කරන විදිය. තාත්තා නෙහාන්ට කීය.

අහ්..ඩැඩා...නැ නින්ද ගියා..

නෙහාන් ත්‍යාගී දෙස රවා බැලීය.


අනේ මේ අපේ කෙල්ල ඇදිලා ගිහින් නේ...මොකෝ අපේ එකා කන්න දෙන්නේ නැද්ද....


අනේ නෑ අප්පච්චි.....


අහ්....ආව කාරණේ අමතක කරනවානේ ඔයාලා නේතක කීය.


මේ පොඩි මැඩම් තමුසේ පුංචි කෙනෙක් වෙන්න යන්නේ....


අනේ ඇත්තද අම්මේ මේ අයියා කියන්නේ....

ඔව් චූටී දූ....

අපේ ලොකු දූ අම්මෙක් වෙන්නනේ යන්නේ...


අනේ අක්කියෝ....මට හරිම සතුටුයි....ඇය පැනපු ගමන් තම නෑනාව බදාගත්තේ සතුටිනි.


මේ නංගි මම ටික දවසකට බිස්නස් වැඩ වගේකට කැනඩා යනවා. ඒ ටික දවසේ අපේ නෝනාව මෙහේ තියාගන්නවද....අම්මටත් බෑනේ...


අනේ ඕක මොකක්ද අයියේ.....මම කරලා දෙන්න්ම්...


සියල්ලෝම දහවල් ආහාරය ගත් පසු නිවසින් පිටත්ව ගියේය.නේතාව තම මල්ලීට හා නෑනාට බාර කල නේතක ද පිටත් වීමට සූදානම් විය.


එහෙනම් චූටී..මම යනවා ඉක්මනට එනවා. අක්කියව බලාගන්න හොදේ....


හරි ලොක්කයියේ....


එහෙනම් තුන්දෙනාම පරිස්සමින්....පොඩ්ඩා...මම යනවා.නේතක තම මල්ලීටද..පිට ට තට්ටුවක් දමා පිටත් විය...


…………………………
…………………………………………………………………


Written by sapu ❤️🥺✍🏻 ආදරණීය සපූ 🥺🔮❤️🌎

Ayodya Chemini

2 ब्लॉग पदों

टिप्पणियाँ