“ඔබේ තේරීම – ඔබේ අනාගතය”

“Money, Time, Happiness…
ඔබට හැමදේම එකවර ලැබෙන්නේ නැහැ.
තෝරන්න, හිතලා.”

“ඔබේ තේරීම – ඔබේ අනාගතය”

ඔයාලා දන්නවද ජිවිතයෙ වැදගත් අවස්ථා වල ගන්න තීරණ අපෙ අනාගතය සදහා බලපාන බව.ඉතින් මේ තීරණ ගැනීම් පිළිබද හොද අවබෝධයක් අපිට තියෙන්න ඔනේ.

ජිවිතයෙ සාර්ථක මිනිසුන් කියලා අපි හදුන්වන පිරිසක් ඉන්නවා.ඉතින් මේ අය සාර්ථක  වෙන්න විශේෂ හේතුවක් තමයි නිවරදි අවස්ථා වලදි නිවරදි තීරණ ගැනිමයි.

තීරණ අපිට ප්‍රධාන ආකාර දෙකකින් ගන්න පුලුවන්.

1.කිසිම පරිසරයක් විශ්ලෙශණය නොකර සෘජුවම තීරන ගන්නවා

Exmaple - "මම මේ රැකියාව තෝර ගන්නවා"

"මම මේ subject එක තෝර ගන්නවා"


2. මම මේ තීරණය තෝරා ගත්තොත් මට අහිමි වෙන්නෙ මොනවද

example " මම මේ රැකියාව තෝරා ගත්තොත් මට නිදහස නැති වෙන්න පුලුවන්"

"මම මේ subject එක තෝරා ගත්තොත් මට මේ job එක කරන්න වෙන්නෙ නැ"

ඉහළ තියෙන කොටස් වලින් ඔයාට හිතෙන්නෙ මොකක්ද අපි ගන්න ඕන තීරණ වර්ගය.ඇත්තටම කිව්වොත් අපිට අපි ගන්න තීරණයෙ සාර්ථකත්වය වැඩි කරගන්න පුලුවන් වෙන්නෙ අපී තීරණයක් ගන්න කලින් හිතන්න ඕනේ අපි ගන්න තීරණය නිසා අපිට අහිමි වෙන්නෙ මොනවද කියලා.

මේකට ආර්ථික විද්‍යාවෙදි ලස්සන  සංකල්පයක් තියෙනවා ඒකට කියන්නෙ ආවස්ථික පිරිවැය කියලා.

"මිනිසුන්ගෙ විකල්ප අරමුණු අතරින් එක් විකල්පයක් තෝරා ගත හොත් ඒ වෙනුවෙන් කැප කරන හොදම විකල්පය"

අපි සරල උදාහරණයක් ගමු.

ඔයා හිතන්න ඔයාට තියෙනවා වයස අවුරුදු 25 -30 අතර life plan එකක් තෝර ගන්න.ඔයා හිතන්න ඔයාට අවස්ථා 3 ක් තියෙනවා තෝර ගන්න (ඔයා මේ අවස්ථා 3 පෙළගස්වන්න ඕනේ ඔයාගේ කැමත්තෙ අනුපිළිවෙලට)

වයස අවුරුදු 25 -30 
1. degree එකක් කරනවා
2. business එකක් කරනවා
3. job එකක් කරනවා

ඔයා මේ අවස්ථා 3 පෙළගස්වලා තියෙන්නෙ ඔයාගෙ කැමත්තෙ අනුපිළිවෙලට නිසා ඔයා අනිවාරෙන්ම තෝර ගන්නෙ  පළවෙනි අවස්ථාව ඒ කියන්නෙ degree එකක් කරන එක.

එතකොට ඔයා අත අරින විකල්ප වෙන්නෙ 2,3 අවස්ථා.ඒවට කියන්නෙ අත් හරින විකල්ප අවස්ථා.

මෙතනදි ඔයා අවධානය යොමු කරන්න ඔනේ මේ අත අරින විකල්ප වලින් හොදම විකල්පය මොකක්ද කියලා.ඔයා කැමත්තෙ අනුපිළිවෙලට හදලා තියෙන නිසා අත් හරින විකල්ප වලින් හොදම විකල්පය වෙන්නෙ 2 ( business එකක් කරන එක)

ඒ විකල්පයෙ වටිනාකම තමා අවස්ථික පිරිවැය කියන්නෙ.

අපි තීරණයක් තෝරගන්න ඔනේ මෙන්න මේ ආවස්ථික පිරිවැය අවම වන ආකාරයෙන්.එතකොට තමා ඔයා ගන්න තීරණය හොදම තීරණයක් වෙන්නෙ..

ඒ කියන්නෙ ඔයා ගන්න තීරණය නිසා ඔයාට කැපකරන්න වන දේ අවම වෙන්න ඔනේ.

මෙන්න මේ ආවස්ථික පිරිවැය සංකල්පය තෙරුම් ගැනිමෙන් ඔයාට අනාගතයෙදි නිවරැදි career තීරණ,financial තීරණ,පෞද්ගලික තීරණ. ගන්න පුලුවන්.

හීන දිනන Econ පන්තිය 🔥 | දුලේශණ දිලාන්

Duleshana Dilan

2 blog messaggi

Commenti