ශ්‍රී ලංකාවේ දැන් පවතින අධික උෂ්ණත්වය

බොහෝ ප්‍රදේශවල 30°C සිට 35°C දක්වා උෂ්ණත්වය ඉහළ ට

ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ පිහිටි දූපත් රටක් වන අතර උෂ්ණ කලාපීය (tropical) දේශගුණයකට අයත් වේ. නමුත් වසරේ මාස වලට අනුව වෙනස්වීම් සිදුවෙනවා. 

දැනට මාර්තු – අප්‍රේල් ආසන්න කාලය  ශ්‍රී ලංකාවේ උෂ්ණත්වය සැලකිය යුතු ලෙස ඉහළ යන කාලයක් ලෙස හඳුන්වන්න පුළුවන්. මෙය “inter-monsoon” කාලයක් වන අතර දවල් කාලයේ උෂ්ණත්වය බොහෝ ප්‍රදේශවල 30°C සිට 35°C දක්වා ඉහළ යාමට හැකී.  විශේෂයෙන් පහත් බිම් ප්‍රදේශවල (lowlands) සහ නගරවල උණුසුම වැඩි වශයෙන් දැනෙයි.

කොළඹ සහ පහත් බිම් ප්‍රදේශ වල උෂ්ණත්වය සාමාන්‍යයෙන් 31°C – 34°C අතර පවතී. ආර්ද්‍රතාවය (humidity) වැඩි නිසා උණුසුම තවදුරටත් දැඩිව දැනෙයි.

උතුරු සහ නැගෙනහිර ප්‍රදේශ වල  උෂ්ණත්වය කෙලින්ම හිරු රශ්මියට ලක්වන නිසා 34°C – 36°C දක්වා ඉහළ යා හැක.

මධ්‍යම කඳුකර ප්‍රදේශ නුවර, නුවරඑළිය උෂ්ණත්වය අනෙක් ප්‍රදේශවලට වඩා අඩුය. දවල් 20°C – 28°C අතර පවතින අතර, රාත්‍රී කාලයේ තවදුරටත් සිසිල් වේ.


කාලයත් සමග ඇති වූ වන විනාශය හේතුවෙන් වර්තමානය වෙනකොට අපි වර්ශාවෙන් ලැබෙන ජලය ඉක්මනින් වාශ්පවී යෑමේ ගැටලුවකට මුහුණ දෙමින් ඉන්නව මේ අවස්තාව වෙන විටත් . නමුත් දැන් පවතින අදික උණුසුම හේතුවෙන් එ තත්වය තවත් වර්ධනය වීමේ හැකියාවක් තියෙනවා. 


ඒ නිසා ජලය ඉතාම අරපිරිමැස්මෙන් පාවිච්චි කරන ලෙස හැම දෙනාම දැනුවත් කරනවා. 


දහඩිය වැඩි වීම සහ විඩාව සමග සෞඛ්‍ය ගැටලු heat exhaustion, heat stroke ඇති වීම වර්ධනය වී ඇති අතර චර්ම රෝග සහ විජලනයෙන් ඇති විය හැකි රෝග තත්ව ගැන අවදානෙන් සිටින්න. 

දිනකට ප්‍රමාණවත් ජලය පානය කරන්න

දවල් 11 සිට 3 අතර හිරුට පිටත යාමෙන් වලකින්න

හිස්වැසුම් (caps / hats) භාවිතා කරන්න


නිදන්ගත රෝග සහිත පුද්ගලයින්ට මේ අවස්තාවේදි ඔව්න්ගේ ජීවිත අවදානම ඉහල යන බැවින් ශරීරයට අවශ්‍ය ජල මට්ටම පවත්වාගෙන යාම සදහා නිරන්තර අවදානයෙන් සිටින්න ! 




Misha Dananjani

27 בלוג פוסטים

הערות