ශ්‍රී ලංකාවේ ජීවන වියදම ඉහළ යාම සීඝ්‍රයෙන්

නිර්මාණය වෙමින් පවතින ධනවත් සහ නිර්ධන ගැටුම . ඉන්ධන, වාසස්ථාන, වෛද්‍ය සහ අධ්‍යාපන වියදම් පවා දිනෙන් දින වැඩි වෙමින්

  ජනතාව මුහුණ දෙන ප්‍රධාන ගැටලුවක් වන්නේ ජීවන වියදම වේගයෙන් ඉහළයාමයි. ආහාර, ඉන්ධන, වාසස්ථාන, වෛද්‍ය සහ අධ්‍යාපන වියදම් පවා දිනෙන් දින වැඩිවෙමින් තිබේ. මේ තත්ත්වය නිසා මධ්‍යම හා පහළ ආදායම් උපයන සමාජය ට  බරපතළ බලපෑමක් සිදු වෙමින් පවතී. 

මුලින්ම, ආර්ථික අර්බුද සහ විදේශ විනිමය හිඟය නිසා ආනයන භාණ්ඩ මිල ඉහළ යාම සිදුවේ. එයට අමතරව ඉන්ධන මිල වැඩිවීමත් සමඟ ප්‍රවාහන වියදම් වැඩිවීම නිසා සියලුම භාණ්ඩවල මිල වැඩි වේ. තවද බදු වැඩි කිරීම සහ මුදල් ප්‍රතිපත්ති වෙනස්වීම්ද හේතු වේ.

මෙම තත්ත්වය ජනතාවගේ දෛනික ජීවිතයට දැඩි බලපෑමක් සිදු කරමින් සිටිනවා. පවුල්වලට ආහාර වියදම් පාලනය කිරීමට අපහසු වන අතර, සෞඛ්‍ය හා අධ්‍යාපන වියදම් කප්පාදු කිරීමට ජනතාවට සිදුවෙමින් පවතිනවා. කුඩා ව්‍යාපාරද මෙයින් බලපෑමට ලක්වී ලාභය අඩුවීම සහ ව්‍යාපාර වසා දැමීම වැනි තත්වයන්ට මුහුණ දීමට සිදු වෙනවා.  


ජීවන වියදම ඉහළ යාම දිගුකාලීනව සමාජ අසමතුලිතතා වැඩි කරයි. දුප්පත් හා ධනවත් අතර පරතරය වැඩි වන නිසා සමාජ අස්ථාවරතාවය වේගයෙන් ඉහල යා හැකී.

මෙම ගැටලුවට විසඳුම් ලබා ගැනීමට රජය සහ ජනතාව දෙපාර්ශවයෙන්ම ක්‍රියාමාර්ග ගත යුතු වෙනවා. රජය විසින් මිල පාලනය, නිෂ්පාදනය ප්‍රවර්ධනය සහ ආනයන අඩු කිරීම සඳහා වැඩපිළිවෙළක් සකස් කළ යුතුය. එසේම ජනතාවට තම වියදම් කළමනාකරණය කිරීම, ඉතිරි කිරීමේ සංස්කෘතිය වර්ධනය කිරීම සහ අමතර ආදායම් මාර්ග සොයා ගැනීම වැදගත් වේ.

ජීවන වියදම ඉහළ යාම යනු කෙටි කාලීන ගැටලුවක් නෙමෙයි ඉක්මනින් විසඳුම් අවශ්‍ය ප්‍රශ්නයකි. ඒ සඳහා සමාජය සහ ආර්ථිකය එකට ක්‍රියාකරමින් මේ මොහොතේම තිරසාර විසඳුම් සෙවීම අත්‍යවශ්‍ය වේ. 

රටේ ජනතාවගේ මෙන්ම රජයේද වගකිම එයයි. බුද්දිමත්ව කටයුතු කරන්න !  

Misha Dananjani

27 Blog des postes

commentaires