සුනඛයන් සත් දෙනක්ගේ වික්‍රමය

මෙහිදී ඉතා දක්ෂ ලෙස තම කණ්ඩායම හසුරවමින් නායකත්වය දෙන ලද්දේ කෝගි බල්ලෙක් විසින්.

මේ අපූරු පුවත වාර්තා වුනේ චීනයෙන් .  සුනඛ මාංශ වෙළඳාම තහනම් කළ චීනයේ  චැන්ග්චුන් නගරය අසල ගම්මානයකින් බල්ලන් හත් දෙනෙක් හොරකම් කර මාංශ පිණිස ඔවුන්ව Illegal Transport  Truck එකෙන් ගෙන යන  අවස්ථාවේදී අධිවේගී මාර්ගයේදී ඔවුන් එක්ව ට්‍රක් රථයෙන් එළියට පැන අධිවේගී මාර්ගයේ සිට 17Km  පමණ දුරක් දින දෙකක් තිස්සේ ගමන් කර තම අයිතිකරුවන් සොයාගෙන ඇත.  

මෙහිදී ඉතා දක්ෂ ලෙස තම කණ්ඩායම හසුරවමින් නායකත්වය දෙන ලද්දේ කෝගි බල්ලෙක් විසින්. 


ට්‍රක් රථයෙන් පැනීමේදී තුවාල ලැබූ ජර්මන් ෂෙපර්ඩ්  වර්ගයේ සුනඛයාවද ඔවුන් අත නොහැර තම අයිතිකරුවන් සොයා කාර්යබහුල මං මාවත් දිගේ ගොස් තිබීම ඉතාමත්ම නිර්භීත සහ නිවැරදි නායකත්වය  නිවැරදිව අනුගමනය කළ මිනිසාටවත් නොමැති සංයමයකින් යුක්ත වීම ව්ශේෂත්වයකි.  කණ්ඩායමේ කිසිදු ජීවිතයකට හානියක් නොවී බඩගින්න මහන්සිය බය ඉවසාගෙන ඉතාම නිර්භීතව  හානියක් වූ ජීවිතයත් පරිස්සම් කර ගනිමින් මෙම මෙහෙයවු නායකත්වය සහ එකමුතුව මිනිස් වර්ගයාම කම්පනයෙන් සහ ආදරයෙන් පිරුණු ප්‍රතිචාර දක්වා තිබෙනවා. 

සත්ත්වයින්ට අපේ ආදරය කාලය සුරක්ෂිතතාවය ලබා දෙනවා නම් ඔවුන් ඒ වෙනුවෙන් පිළිතුරු දෙනවා කියන්න මෙය කදිම සාක්ෂියක්. ඔවුන්ට කළ නොහැක්කක් නෑ ආදරය වෙනුවෙන්. ඔවුන්ගේ එකමුතුකම අද ලෝකයටම මහත් පණිවිඩයක් ගෙනාවා. එකමුතුකමට කරගන්න බැරි දෙයක් නොමැති බව මිනිසාට ක්‍රියාවෙන්ම ඔප්පු කල ඒ නිර්භීත කණ්ඩායම දැන් ඔවුන්ගේ ආදරණීයන් සමග සතුටෙන් සිටින බවට වාර්තා වී තිබෙනවා. 

Misha Dananjani

28 Blog mga post

Mga komento