අමරණීයත්වය හොයන මරණය කැදවන පිළිකාව

වසරකට ලෝකයේ මිලියන 19 - 20 අතර අලුත් රෝගීන් වාර්තාවෙන වසරකට මිලියන 9 - 10 අතර පිළිකාව නිසා මේ ලෝකයෙන් සමුගන්නවා.

සරකට ලෝකයේ මිලියන 19 - 20 අතර අලුත් රෝගීන් වාර්තාවෙන වසරකට මිලියන 9 - 10  අතර පිළිකාව නිසා මේ ලෝකයෙන් සමුගන්නවා. ඒ කියන්නේ සෑම වසරකටම ලෝකයේ ලක්ෂ ගානක් මිනිස්සු මේ මාරයාට ජීවිතය පූජා කරනවා කරනවා.

පිළිකාවක් කියන්නේ ශරීරයේ සෛල ආයාසයෙන්ම වර්ධනය වෙමින් පාලනයකින් තොර රෝගයක්. සාමාන්‍යයෙන් අපේ සෛල නිශ්චිත ක්‍රමයකට අනුව බෙදී මැරී ගියත් පිළිකාවේදී සෛල උත්සාහ ගන්නේ අමරණීය වීමටයි . සෛල වල පාලනය සම්පූර්ණ ඔවුන් නතුකර ගැනීමයි පිළිකාවේදී සිදුවන්නේ. 

ලෝකයේ පිළිකා වර්ග බොහොමයක් පවතිනවා. ඒඅතරින්
brest cancer  

Lung cancer 

Skin cancer 

Blood cancer

Prostate cancer 

ඉහත දැක්වෙන්නේ ඒ ඒ පිළිකාවලට අදාල රූපරාමු . 


ශ්‍රී ලංකාව තුළත් පිළිකාව වැඩි වෙමින් පවතිනවා ඒ අනුව වර්තමානයේ දී වසරකට මිනිසුන් 30 000-  35 000  දළ වශයෙන් අලුත් රෝගීන් වාර්තා වෙනවා වගේම වසරකට මරණ 15 000 - 20 000අතර සිදුවන බවට වාර්තාවල තියෙනවා.

පිළිකාවක වර්ග ලක්ෂණ අනුව වෙනස් වුවත් පොදු ලක්ෂණ කිහිපයක් පවතිනවා ඒවා නම්

හදිසි බර අඩුවීම 
දිගු කාලීන වේදනාව 
අසාමාන්‍ය රුධිර වහනය 
ශරීරයේ යම් ස්ථානයක තද ගැටිති  
දීර්ඝකාලීනව පවතින කැස්ස 

වැනි රෝග ලක්ෂණ පවතිනවා නම් අනිවාර්ය පරීක්ෂණයකට යොමු විය යුතුයි. 

පිළිකාව සුව කළ හැකිද නොහැකි ද යන්න වර්ගය මත තීරණය වුවත් ප්‍රධාන ප්‍රතිකාර වර්ග ලෙස

ශල්‍යකර්ම  ( Operation )

රසායනික ප්‍රතිකාර( Chemotherapy )

කිරණ ප්‍රතිකාර  ( Rediotherapy )

 ප්‍රතිශක්තිකරන ප්‍රතිකාර  ( Immunotherapy ) 


ලෙස වර්ග වෙනවා.  

බොහෝ දුක් විඳ වේදනාව විද මිය යනවාට වඩා මෙය මුලදීම හඳුනා ගැනීම ඔබගේ වගකීමයි. ලෝකයේ පිළිකා රෝගීන් නිසා අහිමිවන පවුල්වල දරුවන් මෙන්ම ඔවුන්ගේද වේදනාව සදාකාලිකව මැකී යනවා නම් ඒ ඔබගේ සැලකිලිමත් බව මත පමණයි.

Misha Dananjani

29 Blog bài viết

Bình luận