HIV ගැන ඔබ නොදත් කතාව

ලෝකය පුරා මිලියන ගණනක් HIV ( Human immunodeficiency virus ) සමග ජීවත් වෙනවා

ලෝකය පුරා මිලියන ගණනක් HIV  ( Human immunodeficiency virus ) සමග ජීවත් වෙනවා .මේ මනුෂ්‍ය ශරීරයේ ආරක්ෂක පද්ධතිය දුර්වල කරන වෛරසයක්. විශේෂයෙන්ම CD4 Cells (T -CELLS) කියන ප්‍රතිරෝධක සෛල විනාශ කරනවා.ඒ නිසා ශරීරයට රෝගවලට විරුද්ධව සටන් කරන්න හැකියාව නැතිවෙනවා. 

වසරකට අලුත්
ආසාදිතයින්  මිලියන 1.2 - 1.3 අතර වාර්තා වන අතර ඒ නිසා මිනිසුන් ලක්ෂ  6 - 7 අතර ජීවිතයෙන් සමු ගන්නවා.

ශ්‍රී ලංකාවේ මේ තත්ත්වය යම් තාක් දුරකට පාලනය වුවත් HIV සමග ජීවත් වන පුද්ගලයින්  4000 - 5000 අතර මේ වන විටත් සිටිනවා. එමෙන්ම වසරකට 600 - 700 අතර අලුත් ආසාදිතයන් වාර්තා වෙනවා.

HIV Hands මූලික අවදියේ 

HIV Hands පසුව 

HIV සහ AIDS අතර වෙනස නම් HIV කියන්නෙ වයිරසය ( Infection ) එක  නමුත් AIDS ( Acquired Immunodeficiency syndrome ) කියන්නෙ  HIV වලට දිගටම ප්‍රතිකාර නොලැබුණොත් එන අවසන් තත්ත්වය.  මෙහිදී Immunity System  එක බොහෝ දුරට දුර්වල වෙලා ඉවරයි. 


HIV වයිරසය බෝවීමට ප්‍රධානම හේතු ලෙස  

ආරක්ෂාවක්  නොමැති ලිංගික සම්බන්ධතා (unprotected Sex ) 
ආසාදිත රුධිරය  ( Blood Transfusion ) 
එකම කටු භාවිතය  (Injection) 
මවගෙන් උපන් දරුවාට 


මෙහිදී එම රෝගියාව වෙන් කර තැබීම සුදුසු වන්නේ නැහැ. වැරදි අදහස් සමාජගත වීම නිසා මෙම තත්ත්වය අද වර්තමානයේදී තිබුණත්. සාමාන්‍ය ක්‍රියාවලීන්වලදී

අතට අත දීම
කෑම එකට කෑම වැනි කාරනා වලින් බෝ නොවෙන බවට විද්‍යාඥයන් ඔප්පු කර තිබෙනවා . 

උණ  , හිසරදය 

මාංශ පේශීය වේදනා හෝ අසාමාන්‍ය ලෙස බර අඩු වීම 

දිගු කාලීන වුන සෙම් රෝග වැඩිවීම 

යන රෝග ලක්ශණ පවතී නම් HIV හදුනා ගත  හැකි එකම විදිය Test කරන එක පමණයි. 


Blood Test ( rapid test / ELSA )  වැනි පරීක්ෂණ මගින් එය  Negative  ද Positive  ද යන්න තහවුරු කරගතත හැකි යි.  රජයේ රෝහල් මගින් එය නොමිලේ පරීක්ෂා කර දෙනවා.

මෙම රෝගය සම්පූර්ණයෙන් සුව කිරීමට ඖෂධයක් නැති වුවත්  ART ( Antiretroviral Therapy ) භාවිතා කර virus  එක Control  කරගන්න පුළුවන්. දිගුකාලීනව ප්‍රතිකාර ලබා ගැනීම මගින් වෛරසය තව කෙනෙකුට පැතිරීම වළක්වා ගැනීමට හැකිවෙනවා වගේම දිගු කාලයක් සෞඛ්‍ය සම්පන්නව සිටීමට ලැබෙනවා. 


HIV රෝගියෙක්ට රෝගයට වඩා සමාජයෙන් එන අහිතකර  බලපෑම ඉතා විශාලයි රෝගීන් දිහා වෙන්කර බැලීම ඔවුන්ගේ නිදහස්  මානසිකත්වයන් බිඳ දැමීමට හේතුවක් වෙනවා . සෞඛ්‍ය සහ අධ්‍යාපන අයිතිවාසිකම් අහිමි කිරීම. රැකියා අවස්ථා අහිමි කිරීම   සහ අනවශ්‍ය මානසික බලපෑම් කිරීමෙන් රෝගියා ඒ මිනිසා මිය යන්නෙ රෝගයෙන් නොව ඔබේ අණුවන හැසිරීමෙන් බව මතක තබා ගන්න. 

ඔවුන්ටත්   අධ්‍යාපනය නීතිය සහ අයිතිවාසිකම් පිළිගැනීම ගෞරවය සහ ඔවුන්ගේ රහස්‍යභාවය ආරක්ෂා කිරීම  සෞඛ්‍ය ප්‍රධානීන්ගේ වගකීම මෙන්ම සමාජය හැටියට අප සැමගේම වගකීමයි.  

අවසාන වශයෙන් කිව්වොත් ඔබේම වැරදි නිසා ඔබට සහ ඔබගේ පවුලේ අයට ආදරය කරන  ආදරවන්තියට හෝආදරවන්තයාට  මෙවැනි අනතුරකට ලක් නොවීමට වගබලා ගැනීම ඔබේ යුතුකම මෙන්ම වගකීමයි . 

ඔවුන්ට අවශ්‍ය වන්නේ ඔබේ අනුකම්පාව නොවෙයි ඔහුද මනුෂ්‍යයෙක් කියන සාමාන්‍ය තැන පමණයි.  රෝග පැතිරීම වලක්වා ගැනීම ඔබ සතු පුද්ගලික වගකීමයි. 



Misha Dananjani

29 وبلاگ نوشته ها

نظرات