“අඩුයි කියලා හිතෙන දේවල් — ඇත්තටම අඩුද? නැත්නම් මනසෙ trick එකක්ද?"

“ලැබෙනකොට අගය කරන්නේ නෑ…
නැතිවෙද්දි තමයි වටිනකම තේරෙන්නේ"

ඉල්ලුම සහ සැපයුම කිව්වම ඔයාට මතක් වෙන්නෙ මොකක්ද ? 🤔

ඇත්තටම ඔයාට මේක අවබෝධ වෙන්නෙ එක්තරා න්‍යායාත්මක සංකලපයක් විදිහට.හැබයි මේ ඉල්ලුම සහ සැපයුම කියන්නෙ න්‍යායක් විතරක් නෙමේ.ඒක අපේ මනස සමග බැදිලා තියෙන දෙයක්.

මං සරළ උදාහරණයක් ගන්නම්.

👩‍🦱🧑‍🦱ඔයා හිතන්න ඔයාගේ නිවසට හැමදාම එනවා ඔයාගේ යාලුවෙක් - හැමදාම එන යාලුවට ඔයා treat කරන්නෙ කොහොමද ?.

🧑‍🦱👩‍🦱 ඔයා හිතන්න ඔයාගෙ යාලුවෙක් අවුරුදු ගානක් විදේශ රටක ඉදලා එනවා - ඒ එන යාලුවට ඔයා treat කරන්නෙ කොහොමද.

ඇත්තටම බැලුවොත් ඔයා කාලෙකින් ඔයාව බලන්න එන යාලුවට අනිවාරෙන්ම විශේෂ අවධානයක් ඇති වෙනවා.

කාට හරි කියන්න පුලුවන් හැමදාම බලන්න එන යාලුවව තමා වටින්නෙ කියලා - හැබයි ඒකට ඔයා හුරුවෙන්න උත්තසහ කරාට ඔයාගෙ මනස ඒක පිළිගන්න සූදානමක් නැ..

සරළව කිව්වොත්

ලැබෙන්න අඩු දෙයක් (සැපයුම අඩු) - අපිට වැඩියෙන් වටිනවා (ඉල්ලුම වැඩි)

ලැබෙන්න වැඩි දෙයක් (සැපයුම වැඩි) - අපිට අඩුවෙන් වටිනවා (ඉල්ලුම අඩු)

මේ සංසිද්ධිය විද්‍යාත්මකව පැහදිලි කරොත්  ප්‍රධාන කරුණු 3 කින් හදුන්වන්න පුලුවන්

1.Scarcity effect (අඩුකමෙන් ඇතිවන ආකර්ෂණය)

වෙළදපොලක දුර්ලභ දෙයක් market එකට එනකොට අපි නොදැනුවත්ම ඒක අපේ මනස තුළ hype වෙනවා


02) Psychological value (මනසින් දෙන වටිනාකම)

වටිනාකම හැමවිටම ඇත්තටම quality එකෙන් නෙවෙයි.
සමහර වෙලාවට “දුර්ලභ” දේවල් වටිනව කියලා අපි හිතනවා.

03) Fear of Missing Out (FOMO) 😰
අනිත් අයෙකුට ලැබෙන දේ අපිට නැතිවෙයි කියන බිය 
මේක demand එක  වැඩි කරනවා!

📌 හැබයි මෙ දේ හැම වෙලෙම අපෙ ජිවිතෙට හිතකර වෙන්නෙ නැ.අපිව වැරදි තීරණ ගන්න පොළබවනවා

❌  අපිට අවශ්‍ය නැති දේවල් මිලදී ගන්න පොළඹවනවා

❌ අපිට තියෙන වටිනා දේවල් අත හැර ගන්නවා

☺️ එතකොට මේ දේවල් පාලනය කරන්න අපි මේ දේවක් ගැන දැන ගන්න ඔනේ.ඒ කියන්නෙ ඉල්ලුම සහ සැපයුම කොහොමද අපේ මනසෙ ක්‍රියාත්මක වෙන්නෙ කියලා.

🔴  දැනට තියෙන දේවල් සවිඥානික විදිහට අගය කරන්න

🔴“අඩුයි” කියලා හිතෙන හැඟීම පාලනය  කරන්න ඔනේ.

🔴 decision එකක් ගන්නකොට — “මට මේක ඇත්තටම ඕනේද? නැත්නම් scarcity effect එකක්ද?” කියලා හිතන්න ඔනේ.

✨ True happiness එක තියෙන්නේ: ලැබෙන්න අමාරු දේවල් පස්සේ දුවන එකෙන් නෙවෙයි,
දැනට තියෙන දේවල් වල “real value” එක හඳුනාගන්න එකෙන්.

Advertisement


හීන දිනන Econ පන්තිය | දුලේශණ දිලාන් 🔥

Duleshana Dilan

3 Blog des postes

commentaires