Can භාවිතයෙන් English කතා කරමු

පුළුවන් කියල කියන හැමදේම English වලින් කියන්න

“Can” භාවිතයෙන් ඔයාට පුළුවන් English  කතා කරන්න පටන් ගන්න පුලුවන්.  

               Subject + can + verb
       කර්තෘ  + Can ( පුලුවන් ) + ක්‍රියාව  

හැකියාව  (ability)

ඉල්ලීම (request)

අවසර (permission)

මේ ඕනෙම දේකට Can Use කරන්න පුලුවන්. 

1. Ability (හැකියාව)

 අපිට කරන්න පුළුවන් දේවල් කියන්න

මෙහිදී Can වලට පසුව හැම විටම Base Verb එක පමණක් යොදන්න. 



I can speak English  මට කතා කරන්න පුළුවන් 

She can drive a car. මට කාර් එක පදින්න පුළුවන්

They can play cricket. ඔවුන්ට ක්‍රිකට් ගහන්න පුළුවන්

I can do it මට ඒක කරන්න පුළුවන්

I can help you මට ඔයාට උදව් කරන්න පුළුවන් 



2. Request (ඉල්ලීම)
කෙනෙක්ගෙන් help එකක් ඉල්ලන්න

Can you help me?  ඔයාට පුළුවන්ද මට උදව් කරන්න


Can you give me that book? ඔයාට පුළුවන්ද අර පොත මට දෙන්න



Can you call me?. ඔයාට පුළුවන්ද මට කෝල් කරන්න

Can you wait a minute? ඔයාට පුළුවන්ද විනාඩියක් ඉන්න



 3. Permission (අවසර)
අවසර ඉල්ලන්න පුලුවන් 

Can I come in? මම ඇතුළට එන්නද ?


Can I use your phone? මට ඔයාගේ ෆෝන් එක පාවිච්චි කරන්න පුළුවන්ද ?


Can I sit here? මං මෙතනින් වාඩිවෙන්නද ?

Can I go now? මට යන්න පුළුවන්ද ?  

Can මුලට ගත්විට ප්‍රශ්නයක් ගොඩනැගෙන අතර Can  Subject  එකට පසුව යෙදීමෙන් පුලුවන් යන අර්තය දෙනවා. 

ඉතින් අද ඉදන් ඔයාට කරන්න පුලුවන් හැම දේම Can වලින් කියන්න. එවගේම ඔයාට පුලුවන්ද කියල අහන්න තියෙන ප්‍රශ්න ඔක්කොම can use කරල අහන්න . 

ප්‍රශ්න තියෙනව නම් Comment Section Open . හැමදාම Spoken lesson Practice  කරන්න  අපේ Community  Blog එකෙ Rejister වෙන්න. 


English නම් Nothing සුද්දා New Generation 

Misha Dananjani

32 blog posts

Reacties