මළවුන්ගෙන් නැඟිටින ලොවෙන් වඳ වූ “ඩෝඩෝ”

ඩෝඩෝ යනු (විද්‍යාත්මක නාමය: Raphus cucullatus) මැඩගස්කරයට ආසන්න කුඩා දූපත් රාජ්‍යයක් වන මුරුසියේ වාසය කළ පක්ෂියෙක්.

ඩෝඩෝ යනු (විද්‍යාත්මක නාමය: Raphus cucullatus) මැඩගස්කරයට ආසන්න කුඩා දූපත් රාජ්‍යයක් වන මුරුසියේ වාසය කළ පක්ෂියෙක්. පසු කලෙක ඔවුන් සහමුලින් ම මිහිමතින් සමු ගත්තා. මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් මිහිමතින් වඳ වූ ජීවි විශේෂ අතරින් ප්‍රසිද්ධ ම උදාහරණයක් ලෙස ඩෝඩෝ හැඳින්විය හැකි යි. පරෙවියන්ට දුරස්ථ නෑකම් දක්වන මේ සත්ත්වයා ගේ ඉතිහාස කතාව එතරම් ම වේදනාබර යි.

කෙසේ නමුත්, ඩෝඩෝ පක්ෂියා යළි මිහිමතට කැඳවීමේ උත්සාහයක් කෙරෙහි දැන් අවධානය යොමු වී තිබෙනවා. ඔවුන් මුහුණ දුන් අවාසනාවන්ත ඉරණමට ගෙවන වන්දියක් ආකාරයෙන් ඒ උත්සාහය සමාන කළ හැකි වුවත්, 17 වැනි සියවස තරම් ඈත යුගයක වඳ වී ගිය සත්ත්වයෙක් නැවත මරණයෙන් නැඟිටුවීම යනු සැබෑ ජීව විද්‍යාත්මක අභියෝගයක්.

“Colossal Biosciences”
ඩෝඩෝ පක්ෂීන් යළි මරණයෙන් නැඟිටුවීමේ අභියෝගය භාරගෙන තිබෙන්නේ “Colossal Biosciences” නමැති ආයතනය යි. “Colossal Biosciences” යනු ජාන විද්‍යාවේ ප්‍රගතිය සඳහා නව තාක්ෂණ ගොඩනඟන ජාන ඉංජිනේරු සමාගමක්. දැනටමත් වඳ වීමේ තර්ජනයට ලක් වූ ජීවි විශේෂවල සංරක්ෂණය සඳහා ජාන තාක්ෂණයෙන් සහාය ලබාදීම, ඔවුන් ගේ මූලික කාර්යභාර අතර තිබෙනවා.

ජීවි විශේෂ සංරක්ෂණයට පමණක් ඔවුන් සීමා වන්නේ නැහැ. පෘථිවියේ ජීවය අඛණ්ඩ ව පවත්වා ගැනීම සඳහා සහය වන තීරණාත්මක පරිසර පද්ධති නැවත ජනනය කිරීමේ හැකියාව ගැනත්, ඔවුන් පර්යේෂණ පවත්වනවා. මේ සියල්ල පරයමින් “Colossal Biosciences” ආයතනය ලෝකය පුරා ප්‍රසිද්ධ වීම ඇරඹුණේ වඳ වී ගිය ජීවින් නැවත ස්ථාපිත කිරීමේ ව්‍යාපෘති කෙරෙහි අවධානය යොමු කිරීමත් සමඟ යි.

වූලි මැමත් ගෙන් ඇ‍රඹුණු බලාපොරොත්තු
වසර දහස් ගණනකට පෙර මිහිමතින් වඳ වූ “වූලි මැමත්” සතුන් මිහිමතට නැවත ගෙන ඒමේ උත්සාහය ප්‍රසිද්ධ කිරීමත් සමඟ “Colossal Biosciences”, ලෝකය පුරා කතා බහට ලක් වුණා. ඉන්පසු ඕස්ට්‍රේලියාවට අයත් ටස්මේනියා දූපතේ වාසය කළ “ටස්මේනියන් වෘකයා” නමැති මාංශ භක්ෂක ක්ෂීරපායී සත්ත්වයා නැවත ප්‍රතිස්ථාපනය කිරීම ගැනත් ඔවුන් ගේ අවධානය යොමු වුණා.

Madhushanka Chandima

9 Blog postovi

Komentari
Misha Dananjani 3 u

❤️❤️❤️