ඔටාරා ගුණවර්ධන - ශ්‍රී ලංකාවේ සාර්ථක කාන්තා ව්‍යාපාරිකාව

ODEL ගොඩනැගූ ශ්‍රී ලංකාවේ සාර්ථක ව්‍යාපාරිකාව - කුඩා අදහසක් ලෝකයටම රැගෙන ගිය ඇයගේ සාර්ථකත්වයේ කතාව



ශ්‍රී ලංකා ව්‍යාපාරික ලෝකයේ සාර්ථකත්වයට පත් වූ කාන්තාවන් අතර විශේෂ ස්ථානයක් හිමිකරගෙන ඇති නාමයක් වන්නේ ඔටාරා ගුණවර්ධනයි ශ්‍රී ලංකාවේ Fashion Retail ක්ෂේත්‍රයට විශාල බලපෑමක් ඇති කළ ව්‍යාපාරිකාවක් ලෙස හඳුන්වයි.

ඔටාරා ගුණවර්ධන උපත ලැබුවේ Colombo නගරයේය . කුඩා කාලයේම නිර්මාණශීලී සහ ව්‍යාපාරික ලෝකයට කැමැත්තක් දැක්වූ ඇය විදේශයේ උසස් අධ්‍යාපනය ලබා ශ්‍රී ලංකාවට පැමිණියේ තමන්ගේම ව්‍යාපාරයක් ආරම්භ කිරීමේ අරමුණින්

 


ඉතාමත්ම කුඩාවටම ව්‍යාපාරය ආරම්භ කළ ඇය Imported Garment සහ Fashion Item කීපයක් තම මෝටර් රථයේ විකුණමින් ව්‍යාපාරය ආරම්භ කළාය. කාලයත් සමග මේ කුඩා ව්‍යාපාරය විශාල Fashion Brand එකක් බවට පත්වී ODEL නමින් ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ වී Shopping Brand එකක් බවට පත්විය.අද ODEL දේශීය සහ විදේශීය පාරිභෝගිකයන් අතර ජනප්‍රිය Fashion Retail Chain එකක් බවට පත්වී අවසන්.

 


ව්‍යාපාරික ලෝකයේ සාර්ථකත්වයත් සමඟ ඔටාරා සමාජ සේවයට වැඩි අවධානයක් යොමු කළාය . ඇය සත්ව ආරක්ෂාව පිළිබඳව වැඩසටහන් ගණනාවකට සහභාගී වූ අතර Embark නමින් සත්ව ආරක්ෂණ ව්‍යාපෘතියක් ආරම්භ කළාය . මෙම ව්‍යාපෘතිය සත්ව ලෝකයට සතුට රැගෙන ආවේ අනාථ වී යන සුනඛයන් රැකබලා ගැනීම ඔවුන්ට නවාතැන් සැපයීම සහ ආදරය කරුණාව දැක්වීම පිළිබඳව ජනතාව දැනුවත් කිරීමෙන්.

 


ඔටාරා ගුණවර්ධන අද ශ්‍රී ලංකාවේ කාන්තාවන්ට ව්‍යාපාරික ලෝකයේ සාර්ථක සාර්ථක විය හැකි බව පෙන්වා දුන් ආදර්ශමත් චරිතයක් ය. Creative අදහසක් විශාල ව්‍යාපාරයක් බවට පත් කළ හැකිබව ඇගේ ජීවිත කතාව අපිට පෙන්වයි .

ඇගේ නිර්මාණශීලීත්වය කැපවීම අධිෂ්ඨානය නිසා ඇය ලංකා ඉතිහාසයේම විශේෂ ස්ථානයක් හිමිකර ගෙන ඇති අතර කාන්තාවන්ට එය ගෞරවයක් විය.


Misha Dananjani

27 Blog Postagens

Comentários